කළුතර දිසා පුහුණු කිරීමේ මණ්ඩලය මගින් සංවිධානය කළ පළමු අදියර පුහුණු පාඨමාලා 2022 අගෝස්තු මස 12 සහ 13 දෙදින තුළ කළුතර විද්‍යාලය ජාතික පාසලේදී පාඨමාලා ලාභීන් 101 ක ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහි පාඨමාලා නායකයින් ලෙස,
- සිඟිති අංශය – පුහුණු කිරීමේ නායක රේණුකා සිල්වා මහත්මිය
- පෝතක අංශය – සහය පුහුණු කිරීමේ නායක පද්මිණී කුලරත්න මහත්මිය
- බාලදක්ෂ අංශය – සහය පුහුණු කිරීමේ නායක ශිරන්ත විජේරත්න මහත්මා
කටයුතු කරන ලදි.