බාලදක්ෂ බාලිකා කදවුර – 2022

You are currently viewing බාලදක්ෂ බාලිකා කදවුර – 2022

දිසා කොමසාරිස් ප්‍රදානය ට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීම හා ඒ සඳහා අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා හා සමාජ සම්බන්ධතා සමෝධානය කෙරෙන නිපුණතා සංවර්ධනය කිරීමට අදාල කඳවුරු අත්දැකීම් බාලදක්ෂ දරුවන්ට ලබාදීම අරමුණු කරගනිමින් පැවැත්වූ බාලදක්ෂ කඳවුර විශේෂ අංග කිහිපයකින් යුක්ත විය.

එහිදී කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් නාමල් ප්‍රියන්ත ගුරුසිංහ මහතා ,ඇතුළු සහය දිසා කොමසාරිස් පුහුණු සුමුදු ශිරන්ත විජේරත්න මහතා , සහය දිසා කොමසාරිස් පරිපාලන දිනූ සාරංග ලොකුගේ මහතා , සහය දිසා කොමසාරිස් සංවර්ධන සහ මූලස්ථාන සම්බන්ධීකාරක ටී.සී.ආර්.විජේසේකර මහතා , සහය දිසා කොමසාරිස් වැඩසටහන් සහ තොරතුරු තාක්ෂණ නුවන් ජීවන්ත මහතා, සහය දිසා කොමසාරිස් මාධ්‍ය හා ජාත්‍යන්තර සබඳතා කසුන් විජේසේකර මහතා, සහය මූලස්ථාන කොමසාරිස් සශික අනුෂාන් මහතා,සහය දිසා කොමසාරිස් කළුතර  උපුල් කුමාර මහතා, සහය දිසා කොමසාරිස්  කළුතර කොට්ඨාස භාර සචීන්ද්‍ර දිසානායක මහතා යන මහත්වරුන් ගේ විශේෂ සහයෝගය මෙම කදවුර සාර්ථක කර ගැනීමට ලබා දෙන ලදි.

මෙහි සමාරම්භය බප/කළු/ මුංහේන කනිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පති ලාල් රණතුංග මහතා, උප විදුහල්පති රමණී කොඩිතුවක්කු මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් වන කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් නාමල් ප්‍රියන්ත ගුරුසිංහ මහතා , සහය දිසා කොමසාරිස් පරිපාලන දිනූ සාරංග ලොකුගේ මහතා, සහය දිසා කොමසාරිස් වැඩසටහන් සහ තොරතුරු තාක්ෂණ නුවන් ජීවන්ත මහතා, සහය දිසා කොමසාරිස්  කළුතර කොට්ඨාස භාර සචීන්ද්‍ර දිසානායක මහතා , මුංහේන කනිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂ නායක ජී.ජී.මල්කාන්ති පී. විජේමාන්න මහත්මියගේ සහ සසිකා සුරංජි රූපසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2022.10.28 දින සිට 30 වන දක්වා පැවැත් වූ මෙම බාලදක්ෂ බාලිකා කදවුරට සහභාගී වූ දරුවන්ට සුවිශේෂී වූ අත්දැකීමක් වූ මෙම කඳවුර සංවිධානය කළ සැමට කළුතර දිසාවේ දිසාකොමසාරිස් තුමා ඇතුළු  සියලු දෙනාගේ ප්‍රණාමය පුද කර සිටිමු.

Leave a Reply