Jota-Joti 2022

You are currently viewing Jota-Joti 2022
ලෝක ජොටා හා ජොටී වැඩසටහන 2022 ඔක් 14 සිට 16 දක්වා සාර්ථකව පැවැති අතර එයට සමගාමීව ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් දිවයිනේ දිසාවන්ට කරන ලද මගපෙන්වීම යටතේ කළුතර දිසාවේද සාර්ථකව ජොටී වැඩසටහනක් 2022 ඔක් 15 දින අගලවත්ත මිහිදු ජාතික පාසලේදී පැවැත්විනි.
දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ උපදෙස් යටතේ හා සදිකො ජාත්යන්තර කසුන් විජේසේකර මහතාගේ මගපෙන්වීමෙන් දිසා බාලදක්ෂ නායක චමිල කුමාර මහතා ඉතා සාර්ථකව මෙම වැඩසටහන ක්රියාත්මක කරන ලදී.මිහිඳු විදුහල් බාලදක්ෂ සමූහයේ ආචාර්ය හිරන්ත ඈපාසිංහ මහතාගේ හා බාලදක්ෂ සමූහයේ සත්කාරත්වයෙන් පැවති මෙම වැඩසටහනට දිසාවේ විවිධ සමූහ නියෝජනය කරමින් බාලදක්ෂයින්,බාලදක්ෂ බාලිකාවන්,පෝතකයින් හා ආචාර්ය මහත්ම මහත්මීන් රැසක් සහභාගී විනි.
පෙව 09 සිට පව 03 දක්වා පැවති මෙම වැඩසටහනේ විවිධ වටිනා අංගයන් රැසක් විය ඒ අතර
ප්රධාන කොමසාරිස් ජනප්රිත් පුනාන්දු මහතාගේ ආරම්භක කතාව,
ලෝක බාලදක්ෂ කමිටුවේ ජොටා ජොටී අධීක්ෂක නිකා ගොරොව්ස්කා මෙනවියගේ කතාව,
ඕස්ට්රේලියාව,ජපානය ,ප්රංශය, එංගලන්තය,ඉන්දියාව,මැලේසියාව,මියන්මාරය,නැමීබියාව,ඉන්දුනීසියාව ඇතුළු විවිධ රටවල් වල බාලදක්ෂයින් සමගින් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීම
හා ජොටා ජොටී ස්ට්කර් ලබාදීම හා වෙනත් අවස්ථා රැසක් විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සියළුදෙනා නැවුම් අත්දැකීම් ලබාගත්හ.

Leave a Reply