110 වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංවත්සරය – කළුතර දිසා වැඩසටහන
දිනය : 2022.12.23
වේලාව : සවස 2.00 සිට රත්‍රී 7.30 දක්වා
ස්ථානය : කළුතර විද්‍යාලය ජාතික පාසල
- සෑම බාලදක්ෂ සමූහයකින්ම බාලදක්ෂයින් 20 සහ බාලිකාවන් 20 බැගින් මේ සදහා සහභාගී කරවිය හැක.
- 23 වන දිනට පෙර සමූහ මට්ටමෙන් “පරිසරය සුරකිමු” තේමාව යටතේ A3 ප්‍රමාණයේ පෝස්ටර් තරගයක් පවත්වා හොඳම පෝස්ටර 5 සමූහය වෙත යොමුකරන්න. ඉන් ජයග්‍රහණය ලබන බාලදක්ෂ බාලක බාලිකාවන් සඳහා දිසාවෙන් ත්‍යාග පිරිණැමේ.
- 23 සවස 6.30 ට පැවැත්වෙන කදවුරු ගිණිමැලය සදහා වි. 3 – 5 අතර ජවනිකාවක් සෑම සමූහයකින්ම ඉදිරිපත් කළ යුතු වේ. (හොදම ජවනිකා සදහා ත්‍යාග පිරිණැමේ)
- 23 සවස 2.00 ට කළුතර විද්‍යාලයේ සිට කැලිඩෝ වෙරලට පාගමනක් සංවිධානය කර ඇති අතර ඒ සදහා පරිසරය සුරකිමු තේමාව යටතේ අදින ලද පෝස්ටර් රැගෙන ආ යුතු වේ.
- ප.ව. 3.30 සිට 4.30 දක්වා වෙරළ පිරිසිදු කිරීම.
- ප.ව. 5.30 වන විට නැවත විද්‍යාලයට පැමිණීම.
- ප.ව. 6.30 ට කදවුරු ගිණිමැලය.
- සහභාගී වන බාලදක්ෂයින්ගේ නම, උපන් දිනය, ස්ත්‍රී/පුරුෂ භාවය, ලබා ඇති උසස්ම ප්‍රදානය, දුරකතන අංකය සහ අත්සන සහිත ලේඛනයක් විදුහල්පති සහ සමූහ බාලදක්ෂ ආචාර්‍ය වරයාගේ අත්සන සහිතව එදිනට භාර දිය යුතු වේ. එයට අමතරව දෙමාපිය අවසර ලිපි බාලදක්ෂ ආචාර්‍ය මහත්ම මහත්මීන් ලග තබාගත යුතු වේ.
- සහභාගී වන්නන් බාලදක්ෂ නිල ඇදුමෙන් සහභාගී විය යුතු වේ.
- කදවුරු ගිණිමැලය සදහා සුදුසු ඇදුම් රැගෙන එන්න.
- සහභාගිවන සෑම බාලදක්ෂයෙකුටම e සහතිකයක් හිමිවන අතර වැඩිදුර තොරතුරු සම්පත් දායක පාසලේ බාලදක්ෂ ආචාර්‍ය / සහය දිසා කොමසාරිස් (බාලදක්ෂ) උපුල් කුමාර මහතාගෙන් විමසන්න. (0773343927)
නුවන් ජීවන්ත
සහය දිසා කොමසාරිස් (වැඩසටහන්/තොරතුරු තාක්ෂණ)