ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමිත්තෙන් කළුතර දිසා කොමසාරිස් තුමන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කරනු ලැබූ දිසා සංවත්සර වැඩසටහන් මාලාව ඉතාම සාර්ථකව නිමාවට පත්වන ලදී.
⚜ වසර 110 සංවත්සර පළමු අදියර සිඟිති,පෝතක සහ බාලදක්ෂ පාඨමාලාවන් පුහුණු සහය දිසා කොමසාරිස් ශිරන්ත විජේරත්න මහත්මා ඇතුළු දිසා පුහුණු කිරීමේ මණ්ඩලය මගින් ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබීය.
⚜ සංවත්සර වැඩසටහනක් ලෙස මානවක බාලදක්ෂ දිවුරුම්දීමේ උත්සවය සහය දිසා කොමසාරිස් (කළුතර කලාප භාර) සචින්ද්‍ර ප්‍රියනාත් මහතා ඇතුළු දිස්ත්‍රික් මුහුදු මානවක සමාජය මගින් සංවිධානය කළ අතර සහ එම දිව්රුම් දීම සහය දිසා කොමසාරිස් මානවක ශිරන්ත විජයරත්න මහතා විසින් මෙහෙයවන ලදි.
⚜ 110 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ කළුතර දිසා ප්‍රධාන උත්සවය, සංවත්සර පාගමන සහ ගිනිමැල සංදර්ශනය සහය දිසා කොමසාරිස් (බාලදක්ෂ) උපුල් කුමාර මහතා, සහය දිසා කොමසාරිස් (වැඩසටහන්/තොරතුරු තාක්ෂණ) නුවන් ජීවන්ත මහතා සහ සහය දිසා කොමසාරිස් (පුහුණු/මානවක) සුමුදු ශිරන්ත මහතා යන මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් කළුතර විද්‍යාලයේ විදුහල්පතිතුමා, දෙමාපියන් ඇතුළු කළුතර විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සත්කාරක දායකත්වයෙන් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි.
⚜ එහි ගිනිමැල සංදර්ශනය සහය දිසා කොමසාරිස් ශිරන්ත විජේරත්න මහතා විසින් මෙහෙයවන ලද අතර, වෙරල පිරිසිදු කිරීමේ ප්‍රජා ව්‍යාපෘතිය සහය දිසා කොමසාරිස් සචින්ද්‍ර ප්‍රියනාත් මහතා විසින් මෙහෙයවන ලදි. තවද මෙම වැඩසටහන් සියල්ලටම දිසාවේ සියලුම සහය දිසා කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන් සහ බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් තම උපරිම දායකත්වය සහ සහයෝගය දක්වන ලදි.
⚜ ප්‍රධාන වැඩසටහනට සමගාමීව මතුගම නගරය හරහා සංවත්සර පාගමනක් දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්ය (සිඟිති) ගයනි ආචාර්යතුමියගේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා මතුගම ප්‍රදේශයට සමීප සියලුම සිඟිති බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් ඇතුළු සිඟිති බාලදක්ෂ දරුවන් ද පෝතක බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් සහ පෝතක බාලදක්ෂ දරුවන් ද සහභාගී විය.
⚜ එයට සමගාමීව මීගහතැන්න ප්‍රාථමික විදුහල, උඩවෙල ප්‍රාථමික විදුහල සහ බේරුවල අරියවංශ විදුහල තම ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් සංවත්සර පාගමන් සහ වැඩසටහන් එම සමූහ වල ආචාර්ය මහත්ම මහත්මීන් ඇතුළු සිඟිති, පෝතක බාදක්ෂ දරු දැරියන් සමගින් ක්‍රියාත්මක කරන ලදි.
⚜ එසේම සංවත්සර වැඩසටහනට සමගාමීව වෝගන් දෙමල ප්‍රාථමික විදුහලේ Community kitchen ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සිදු කිරීම සහ මුහුදු ඛාලදක්ෂ අංශය ආරම්භ කිරීම මතුගම සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් විසින් එම සමූහයේ ආචාර්ය මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලදි.
මෙම සියලු වැඩසටහන් ක්‍රියාක්මක කළ සියලුම දෙනා හට සහ සහභාගී වූ සියලුම අංශ වල බාලදක්ෂ දරු දැරියන් හට කළුතර දිසා සංගමයේ ප්‍රණාමය පුද කර සිටිමු.
සහය දිසා කොමසාරිස් වැඩසටහන්
කළුතර දිසා බාලදක්ෂ සංගමය