දොඩන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින්, නව වසරේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2023.01.03 වන දින සිදු කරන ලදි. විදුහල් බුදු මැදුර අභියස කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක , විජයමාන්න බෞද්ධ මධ්‍යස්ථානයේ හා ශ්‍රී සංදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල දහම් පාසලේ හා ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය දම්බුළුවන සුමංගල නායක ස්වාමීන් වහන්සේ වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා, විදුහල්පති තුමා ප්‍රමුඛ විදුහලේ ආචාර්‍ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලටත්, දූ දරුවන්ටත්,
වර්ෂ දෙදහස් හයේ අප්‍රේල් මස එකොළස් වන දින එස් .ඒ. විජේසිංහ හා රූපිකා වික්‍රමාරච්චි යන යුවලට දාව පවුලේ වැඩිමල් පුතු ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මෙලොව එලිය දැක තම මූලික අධ්‍යාපනය C.W.W. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයෙන් හැදෑරූ මෙතුප පසන්දුල් විජේසිංහ පුතනුවන් තුන්වන ශ්‍රේණියේ සිට පෝතක බාලදක්ෂයකු ලෙස බාලදක්ෂ ලෝකයට ඇතුලත් වී එහි ඉහලම ප්‍රදානය වන රන්තරු ප්‍රධානය ලබා ගන්නා ලදී. 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම ඉහලින්ම සමත්ව තම ද්විතීක අධ්‍යාපනයද කන්නන්ගර විදුබිමේදීම හදාරමින් 6 වසරේ සිට ඉහල
21 වන කළුතර මිහිඳු බාලදක්ෂ සමූහය මගින් සංවිධානය කළ කාණ්ඩ පුහුණු කදවුරක් 2023 සැප්තැම්බර් මස 27, 28 සහ 29 දින වල එම විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මේ සඳහා මිහිඳු විද්‍යාලයේ විදුහල්පති තුමා, නියෝජ්‍ය විදුහල්පති තුමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා බාලදක්ෂ ආචාර්ය ධම්මික මහතාගේ සහයෝගයද, දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහාතා, සහය දිසා කොමසාරිස් පුහුණු ශිරන්ත විජේරත්න මහතා, දිසා බාලදක්ෂ ආචාර්ය චමිල කුමාර මහතා හා සම්පත් දායක කමල් සමරනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ද මෙම කඳවුර පවත්වන ලදී.
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික වැඩ සැලැස්මට අයත් වැඩසටහනක් ලෙස 06 වන වරටත් 2023 සැප්තැම්බර් මස 28-29 යන දෙදින තුළ පූර්ණ කාලීනව පයාගල පොතුවිල මාහා විද්‍යාලය ජාතික පාසල් පරිශ්‍රයේදී ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්විණි. මෙම ප්‍රථමාධාර කඳවුර පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ බාලදක්ෂයින්ගේ ප්‍රවීණතා පදක්කම් විෂය නිර්දේශයේ ඇතුලත් “ප්‍රථමාධාර” සහ “සාත්තු සේවක” යන ප්‍රවිණතා පදක්කම් වලට අදාල විෂය නිර්දේශය ආවරණය කර දීමයි. එහිදී විශේෂයෙන් එම බාලදක්ෂයින් හට ප්‍රථමාධාර පිළිබඳ න්‍යායාත්මක විෂය කරුණු මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් තුළින් ඔවුන්

Leave a Reply