බස් මගී ආවරණයක් පිළිසකර කොට ජනතා අයිතියට පත් කිරීම

You are currently viewing බස් මගී ආවරණයක් පිළිසකර කොට ජනතා අයිතියට පත් කිරීම

30 වන කළුතර පොතුවිල නවෝද්‍යා විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් තවත් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් 2017 ජූලි මස 21 වන දින හල්කඳවිල කෘෂිකර්ම මධ්‍යස්ථානය අසල පොදු බස් මගී ආවරණය අසලදී පැවැත්විණි. එම ස්ථානයේ ඇති, දැන්වීම් ඇලවීමෙන් හා ජරා ජීර්ණව පැවති බස් මගී ආවරණය පිළිසකර කොට තීන්ත ආලේප කොට ජනතා අයිතියට පත් කිරීම එම ව්‍යාපෘතිය වේ. මෙම ප්‍රජා සේවා ව්‍යාපෘතිය සංවිධානය කරන ලද්දේ විදුහලේ බාලදක්ෂ සමූහයේ පළමු කණ්ඩා‍යමේ ජනාධිපති ප්‍රදානය අපේක්ෂක ජ්‍යේෂ්ඨ බාලදක්ෂ බාලිකා ඩී. චතුමි පියුමිකා විසිනි. ඒ සඳහා විදුහලේ බාලදක්ෂ සමූහයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ බාලදක්ෂ බාලදක බාලිකාවන්ගේ සහ ප්‍රදේශ වාසීන්ගේද සහයෝගය නොමඳව ලැබිණි. 

විදුහලේ සමූහ බාලදක්ෂ ආචාර්ය, විදුහල්පති නන්දන සේනාරත්න මැතිඳුන්ගේ අනුශාසකත්වයෙන්, විදුහලේ බාලදක්ෂ ආචාර්ය නුවන් ජීවන්ත මහත්මාගේ මග පෙන්වීම යටතේ, ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී මහත්මා සහ මාර්ග සංවර්ධන අධිකා‍රියේ අවසර මත මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණි. මෙය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා හල්කඳවිල ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හෙරලත්තුඩුවේ නන්දවංශ හිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් ආගමික වතාවත් සිදු කෙරුණු අතර, පොතුවිල නවෝද්‍යා විදුහලේ විදුහල්පති නන්දන සේනාරත්න මැතිඳුන්, නියෝජ්‍ය විදුහල්පති චන්දිමා මැතිණිය, බාලදක්ෂ ආචාර්ය නුවන් ජීවන්ත මහත්මා යන මහත්ම මහත්මීන් විදුහල නියෝජනය කරමින් ද, කළුතර දිසා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් සහය දිසා කොමසාරිස් පුහුණු නාමල් ගුරුසිංහ මැතිඳුන්ද, හිටපු මූලස්ථාන කොමසාරිස් සිඩ්නි ජයවර්ධන මැතිඳුන් ද සහභාගී වූ අතර, දිසාවේ සියලු නිළධාරීන්ගේ සුභ පැතුම් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිණැමිණි.

තවද ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී මහත්ම මහත්මීන් ද, ප්‍රදේශවාසීන් ද, බාලදක්ෂ සමූහයේ බාලදක්ෂයින්ද, දෙමාපියන් ද, මෙම චාම් සරල උත්සවය සඳහා සහභාගී වූහ.

Leave a Reply