2018 කළුතර දිසා 25 වන රිදී ජුබිලි බාලදක්ෂ රැළිය මෙවර ඉතා උත්කර්ශවත් අන්දමින් පෙබරවාරි 28 සිට මාර්තු 04 දක්වා පොතුවිල මහා විදුහල් පරිශ්‍රයේ දී (සත්කාරක සමූහය) පැවැත්විණි.
කළුතර දිසාවේ බාලදක්ෂ බාලදක බාලිකාවන් 500 ක් පමණ මෙහි නේවාසික වූ අතර, පෝතක සහ සිඟිති බාලදක්ෂයින් 1000 ක් පමණ ඒ සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තුමන්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් තුමන් ඇතුළු මලස්ථානයේ නිළධාරීන් රැසක් ද ඒ සඳහා සහභාගී විය.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රියාකාරකම් ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීයාකාරකම් ද එහි සහභෘගී වූ බාලදක්ෂයින්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන්නට සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් සංගීත කණ්ඩායම ද කඳවුරට එක් කළේ මහත් අලංකාරයකි. එමෙන්ම ආරක්ෂක අංශය ලෙසින් පයාගල පොලිස් ස්ථානය ලබා දුන් සේවය ද පැසසිය යුතු ය.
තවද දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වූ 1990 ගිලන් රථ සේවයත්, ක්‍රියාකාරකම් ගම්මානය තුළ ස්ථාපිත කර තිබූ නාගොඩ රෝහලේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය සහිත ගිලන් රථ සේවයත් කඳවුරට අමිල සේවයක් ඉටු කරන ලදි. මුද්දර කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, මිනින්දෝරු දෙපාර්තමෙන්තුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ විශේෂ ප්‍රදර්ශන කුටි ද මෙහිදී පැවැත්විණි. එමඟින් ළමුන් හට දැනුමට කරුණු රාශියක් ලබාගන්නට ද හැකි විය.
මෙම කඳවුරේ අනුශාසක ලෙසින් තිඹිරිගස්දෙනිය රාජ මන්තිත්දාරාම විහාරාධිපති පූජ්‍ය ගම්පොළ සුදත්ත හිමිපාණන් කටයුතු කළ අතර, කඳවුරු සභාපති ලෙස පොතුවිල විදුහලේ විදුහ්පති නන්දන සේනාරත්න මහතා කටයුතු කරන ලදි. කඳවුරු නායක ලෙස කළුතර දිසාවේ දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මහතා කටයුතු කළේ ය. මෙම කඳවුරේ සියළු සංවිධාන කටයුතු, සැලසුම් නිර්මාණය කඳවුරු සංවිධායක, අභිනව බේරුවල කොට්ඨාස භාර සහය දිසා කොමසාරිස්, පොතුවිල නවෝද්‍යාවේ බාලදක්ෂ ආචාර්ය, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ආදායම් නිළධාරී නුවන් ජීවන්ත මහතා විසින්, දිසා කොමසාරිස් තුමන්, සහය දිසා කොමසාරිස් පුහුණු නාමල් ගුරුසිංහ, සහය දිසා කොමසාරිස් වැඩසටහන් අරවින්ද හිරාන් පතිරගේ (Aravinda Hiran Pathirage-scout) ප්‍රධාන කළුතර දිසාවේ සියළු සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන්ගේ සහය හා අදහස්, උපදෙස් අනුව සිදු කරන ලදි. මෙම කඳවුර සාර්ථක කර ගැනීමට විදුහල අවට උභය විහාරාධිපති හිමි වරුන් ද, විදුහල්පති තුමන් ද, අවට ප්‍රදේශ වාසීන් සහ ආදිශිෂ්‍ය සංගමය ඇතුළු සැම ද, දිසා බාලදක්ෂ සංගමයේ සියළුම සහය දිසා කොමසාරිස් වරුන් ද, කළුතර දිසවේ බාලදක්ෂ කටයුතු සිදු කරනු ලබන සෑම බාලදක්ෂ සමූහයකම විදුහල්පති වරු, බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් සහ බාලදක්ෂ දරුවන්ගේ සහයෝගය නොමඳව ලැබිණි.
තවද සත්කාරක සමූහයේ සමූහ ආධාර කමිටුවේ දෙමාපියන් සැම සහ බාලදක්ෂ දරුවන්ගේ මෙහෙය ද මිල කළ නොහැක… ඒ සෑම දෙනා හටම තුති පුදමින් එම කඳවුරේ විශේෂ අවස්ථා කිහිපයක් කැමරා ඇසට නැඟුණු අයුරු මෙහි දක්වන්නෙමු……………………