ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සිඟිති අංශය භාර නව කොමසාරිස්තුමිය ලෙස පත්වූ ජාතික බාලදක්ෂ මුලස්ථාන කොමසාරිස් W.P.P.N රේණුකා සිල්වා මහත්මියට අපගේ ගෞරවනීය සුභ පැතුම්!
මෙරට පෝතක බාලදක්ෂ කටයුතුවල පුරාවෘත්තයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි රේණුකා මහත්මිය මෙරට සිඟිති කටයුතු වලද පුරෝගාමිනියකි.
2014 වසරේදී මෙරට සිඟිති බාලදක්ෂ අංශය ස්ථාපිත කරන අතර එම අංශයට සම්බන්ධ වැඩසටහන නිර්මාණය කිරීමෙහිලා මහඟු සේවයක් සිදුකලේ එවකට ප්‍රධාන කොමසාරිස් සම්මානිත මාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාට සහ එම සංකල්පයට ප්‍රබල ශක්තියක් වෙමිනි. එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් එදා එම සිඟිති අංශය හඳුන්වාදීමේ සහ එම වැඩසටහන් නිර්මාණය කිරීමේ කමිටුව ක්‍රියාත්මක විය.
අව්‍යාජ සිනහවකින් නිරතුරුවම මුව සරසාගෙන , චාම් සරල ගති පැවතුම් වලින් යුත් අහිංසක යැයි කටපුරා කිවහැකි රේණුකා මහත්මිය යනු අප කව්රුත් දන්නා ළමා මිතුරු චරිතයකි.
ඇය කොළඹ විශාකාවෙන් සහ කළුතර ශුධහු පවුලේ කන්‍යාරාමයෙන් දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස අකුරු කර , පසුව උසස් සහ වෘත්තීය අධ්‍යාපනයද සාර්ථකව නිමා කොට ගුරු වෘත්තියට පිවිසුනාය. අද එතුමිය තමා ශිල්ප හැදෑරු කළුතර ශුධහු පවුලේ කන්‍යාරාමයෙ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ මහත් අභිමානයකිනි.
එතුමියට ශක්තිමත් බාලදක්ෂ පසුබිමක් විය. ඒ එතුමියගේ පියා නිසාය. ශ්‍රී ලාංකීය බාලදක්ෂ ව්‍යාපාරයට අනුපමේය සේවයක් කල 1960 වකවානුවේදී කළුතර දිසා කොමසරිස්තුමන් ලෙස කටයුතු කල නැසීගිය හිලරි සිල්වා මහතාණන් එතුමියගේ දායබර පියාණන් වන අතර එම අභාසයත් , නිවසේ පසුබිමත් බාලදක්ෂ ව්‍යාපාරයට පෙම්බඳින්නට රේණුකා මහත්මියව පොළඹවන්නට ඇත.
1986 දී තම දයාබර පියාණන් මෙලොවින් සමුගෙන ගියද තම පියාගේ අඩි පාරේ යමින් දිරිය දියනියක විලසින් අද ඇය බාලදක්ෂ ලෝකය ජයගෙන සිටින්නේ පියාට වඩා බොහෝ දුරක් යමින් විශිෂ්ඨ අයුරිනි.
ඇය අද අපට සිටින ජ්‍යේෂ්ඨතම පුහුණු කිරීමේ නායිකාවකි. බොහෝ පෝතක උසස් පාඨමාලාවල නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක ලෙස සහ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක ලෙස ඇය සුවිශේෂී කාර්යභාරයක් සිදුකල අතර මෙරට පෝතක කබෝරි ඉතිහාසය වර්ණවත් කරන ඓතිහාසික චරිතයකි රේණුකා සිල්වා මහත්මිය. 1993 පැවති 4 වන ජාතික කබෝරියේ සිට මේ වසරේදී පැවති 12 වන ජාතික කබෝරිය දක්වා එතුමිය කැපව කටයුතු කල ආකාරය ප්‍රශංසනීයයි. බොහෝ කබෝරිවල එතුමිය කබෝරි ලේකම් විය.
කළුතර දිස්ත්‍රික්කයේ පෝතක බාලදක්ෂ කටයුතු වල නිරතවු එතුමිය, සහාය අකේලාවරියක, අකේලාවරියක , දිස්ත්‍රික් පෝතක නායිකාවක ලෙස කටයුතු කර පසුව පෝතක අංශය භාර සහාය දිසා කොමසාරීස්වරිය ලෙස තම දිස්ත්‍රික්කයේ පෝතක කටයුතු වර්ධනයට ලබාදුන් නායකත්වය පිළිබඳව අවධානයෙන් සිටි එවකට කළුතර දිසා කොමසාරිස් සජීව අබේවර්ධන මහතා රේණුකා මහත්මියව එවකට ගරු ප්‍රධාන කොමසාරිස් සම්මානිත මාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමන්ට හඳුන්වා දෙන්නේ ජාතික බාලදක්ෂ සේවයට මං පහදමිනි. දක්ෂයින්ට සහ හැකියාවෙන් පෝෂිත පුද්ගලයන්ට නිරතුරුව අවස්ථාව ලබාදුන් ගරු මාචාර්යතුමා 2013 අප්‍රේල් 23 වන දින රේණුකා මහත්මියව ජාතික මුලස්ථාන කොමසරිස්වාරියක ලෙස පත්කරන්නට කටයුතු කලේ ඇය කෙරෙහි වූ ප්‍රබල විස්වාසකිනි. අද ඇය එම විශ්වාසයට කර ඇති සාධාරණය සැමට ආදර්ශයකි.
එතුමිය මෙරට සිඟිති අංශය සඳහා පත්වන තෙවන අංශ භාර කොමසාරිස්වරියයි. මෙරට සිඟිති අංශය භාර ප්‍රථම ජාතික කොමසාරිස්වරයා වුයේ එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතායි. එතුමන්ට පසුව හිටපු නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයෙකු සහ විශේෂ කොමසාරිස්වරයෙකු වූ නැසීගිය ශිරාස් සාලි මහතා එම තනතුරේ කටයුතු කළේය. ශිරාස් මහතාගේ අභාවයත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා , ගරු ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මැතිතුමන් විසින් රේණුකා සිල්වා මහත්මියව ඊයේ අගෝස්තු 24දින ජාතික මුලස්ථානයේදී පත්කරන ලදී.
ආදරණිය රේණුකා මිස් , ඔබට බොහෝ ධනාත්මක දේ කිරීමට හැකි යැයි සිතන අය අතර මා ද සිටිමි, දැන් එයට කාලය එළඹ ඇත, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මුලත් , ලපටි පැලයත් බඳු සිඟිති අංශය නිසිලෙස පෝෂණය කරමින් දිනෙක එය යෝධ වෘක්ෂයක් බවට පත්ක්රීමට ඔබට ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා ! සිතුවිලි පහල වේවා ! සැම සහාය ලැබේවා ! දෙව්පිය රැකවරණ සහ බුදුපිය ආශීර්වාද ලැබේවා !
(ඡයාරෑප : 2014 නොවැම්බර් මස 6 වන දින කොළඹ දිසා මුලස්ථානයේ පැවති මෙරට ප්‍රථම සහ ඓතිහාසික සිඟිති I වන අදියර පුහුණු පාඨමාලාවේදී ගත් ඒවාය. එම ඓතිහාසික පුහුණු වැඩමුළුවේදී එවකට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමන් වූ සරත් ගොඩකන්දආරච්චි මහතාට ප්‍රබල ශකිතියක් වෙමින් එම කටයුතු සාර්ථක කරගැනීමට ප්‍රධාන කාර්යභාරයක් සිදුකිරීමට රේණුකා මහත්මියට හැකිවිය. )
උපුටා ගැනීම : ජෙරම් ද සිල්වා මහතා…
(Google Translate)
Congratulations to W.P.P.N Renuka Silva, Commissioner of National Scout Headquarters, who has been appointed as the new Commissioner in charge of the Children’s Division of the Sri Lanka Scout Association!
Undoubtedly one of the legends of Puppet Scouting in the country, Ms. Renuka is also a pioneer in Sri Lankan children’s affairs.
The Children’s Scouting Division was established in the country in 2014 and was instrumental in creating the program related to that sector. Kapila Kalyana Perera, Attorney-at-Law, who was the then Assistant Chief Commissioner in charge of the Management Division, was instrumental in introducing the Children’s Division and creating the programs.
Ms. Renuka is a child-friendly character we all know, who always has a genuine smile on her face and can be said to be innocent with a simple demeanor.
She graduated from Visakha, Colombo and the Holy Family Convent in Kalutara as a brilliant student and later successfully completed her higher and vocational education and entered the teaching profession. Today, she is proud to serve as the Deputy Principal of the Kalutara Holy Family Convent where she studied crafts.
She had a strong scout background. That is because of her father. The late Mr. Hillary Silva, who served as the District Commissioner of Kalutara during the 1960s, who rendered invaluable service to the Sri Lankan Scout Movement, was her loving father and that background and home background may have inspired Mrs. Renuka to fall in love with the Scout Movement.
Although her beloved father passed away in 1986, following in her father’s footsteps as a courageous daughter, she is now conquering the world of scouting by going far beyond her father.
She is one of the most senior training leaders we have today. She has played a significant role as the Deputy Director of many Pothaka Advanced Courses and a senior member of the National Training Board. Her dedication from the 4th National Cemetery in 1993 to the 12th National Cemetery this year is commendable. She was the secretary of many Kaboris.
The Hon. Sajeewa Abeywardena, then District Commissioner of Kalutara The Commissioner introduces the Honorable Professor Nimal de Silva to the National Scout Service. On April 23, 2013, the Hon. Professor appointed Mrs. Renuka as the Commissioner of National Headquarters with a strong belief in her. The justice she has done to that belief today is an example to all.
She is the third Commissioner in charge of the Children’s Division in the country. Attorney-at-Law Kapila Kalyana Perera, the then Assistant Chief Commissioner in charge of the Management Division, was the first National Commissioner in charge of the Children’s Division in the country. He was succeeded by the late Shiraz Sally, a former Deputy Chief Commissioner and Special Commissioner. Renuka Silva was appointed by the Hon. Chief Commissioner Engineer Meryl Goonetileke to fill the vacancy created by the death of Mr. Shiraz at the National Headquarters on 24th August.
Dear Miss Renuka, I am one of those who think you can do a lot of positive things. Let the thoughts go down! All support! May God bless you and bless you!
(Photos: They were taken during the first and historic Children’s Phase I training course held at the Colombo District Headquarters on November 6, 2014. At that historic training workshop, the then Commissioner of National Training, Sarath Godakandarachchi, was instrumental in making the project a success. Mrs. was able to.)
Excerpt: Mr. Jeremy de Silva …