164th BP Day Celebration

You are currently viewing 164th BP Day Celebration

164 වන බීපී දින සැමරුම් උළෙල සහ රට පුරා පැල 100 000 ක් සිටුවීමේ ජාතික ක්රියාන්විතය
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය – කළුතර දිසා ශාඛාව

බේඩන් පවල් දින (Baden Powell Day) සැමරුම සහ දීප ව්යාප්ත පැල සිටුවීමේ ජාතික වැඩසටහන ශ්රී ලංකාව පුරා විසිරී පවතින සෑම බාලදක්ෂ දිසාවක් ම සම්බන්ධ කරගනිමින් 2021 පෙබරවාරි 22 වන සඳුදා දින ජාතික මට්ටමින් සහ දිස්ත්රික් මට්ටමින් පැවැත්වීමට ශ්රී ලංකා බාලදක්ෂ සංගමය කටයුතු සංවිධානය කරන ලදි.
මෙහි කළුතර දිස්ත්රික් වැඩසටහන ලෙස 2021 පෙබරවාරි 22 වන සඳුදා දින පෙරවරු 10.30 සිට කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ රථගාල පරිශ්රයේදී සියලු සෞඛ්ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් බාලදක්ෂයින් 50 ක් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරය සහ සහභාගීත්වය සහිතව සම්බන්ධ කරගනිමින් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි.
මෙහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස, කළුතර දිස්ත්රික් ලේකම් තුමන් නියෝජනය කරමින්, අතිරේක දිස්ත්රික් ලේකම් වන ගරු විමල් ගුණතුංග මැතිතුමා සහභාගී වූ අතර, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාන්යාධීකාරී ජේ. ගුණරත්න මැතිතුමා, මතුගම වන ව්යාපෘති නිළධාරිණී පද්මා කුමාරි මැතිනිය යන සම්භාවනීය අමුත්තන් ද, කළුතර සිරිකුරුස විදුහලේ නියෝජ්ය විදුහල්පති ගරු ට්රීසන් සිල්වා පියතුමන් ද, මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිනිය ද, කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිඳුන් ප්රධාන සහකාර දිසා කොමසාරිස් මහත්ම මහත්මීන් ද, බාලදක්ෂ ආචාර්ය වරුන්ද, බාලදක්ෂ ළමුන් සමගින් මෙම වැඩසහනට සහභාගී වූහ.
ප්රථමයෙන්ම බාලදක්ෂ යෂ්ටි ආචාරය සහ පෝතක ගෞරව ගෝෂාව ලබා දෙමින් ප්රධාන අමුත්තා පිළිගනිමින් උත්සවය ආරම්භ වූ අතර, එදින දවසේ සිතුවිල්ල වූයේ මෙම ව්යාපෘතියේ තේමාව වන “බලාපොරාත්තුවක් රෝපණය කරමු – Plant a hope” යන්නයි. එය සහකාර දිසා කොමසාරිස් (පෝතක) පද්මිනී හේමමාලා මහත්මිය විසින් ප්රකාශ කරන ලදි.
අනතුරුව ගරු දිසා කොමසාරිස් තුමන් විසින් පැමිණ සිටි සියලු දෙනා පිළිගත් අතර, ගරු ට්රීසන් සිල්වා පියතුමන් කෙටි ආදර්ශවත් අනුශාසනයකින් මෙහි ඇති වැදගත්කම දරුවන් හට කියාදෙන ලදි.
අනතුරුව සහකාර දිසා කොමසාරිස් (පරිපාලන) – දිනූ සාරංග ලොකුගේ මහතා විසින් බීපී තුමන් පිළිබඳ දරුවන්ට කියා දුන් අතර, බීපී තුමන් හට දිසා කොමසාරිස් තුමා ප්රධාන පැමින සිටි සියලු බාලදක්ෂයින් පුෂ්පෝපහාර දක්වා ඉටිපන්දමක් දල්වා ආචාර කරන ලදි.
මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිණිය විසින් “ගසක වරුණ” යන තේමාව යටතේ ආදර්ශවත් කතාවකින් රුක් රෝපණයේ අගය දරුවන් හට පහදා දෙන ලදි.
ප්රධාන ආරාධිත කතාව සහ ආරාධිත කතා වලින් අනතුරුව ප්රධාන කොමසාරිස් තුමාගේ පනිවිඩය සහ නියෝජ්ය ප්රධාන කොමසාරිස් තුමාගේ පනිවිඩය ද දරුවන්ට අසන්නට සලස්වන ලදි.
අනතුරුව ප්රධාන අමුත්තා අතින් මෙම බෝධි පරිශ්රයේ රුක් රෝපණය ආරම්භ කළ අතර, පැමිණි සෑම බාලදක්ධයෙකුටම පැළ ලබා දෙන ලදි. මෙම පැළ 50 ක් මතුගම අඩවි වන කාර්යාලයෙන් ද, 25 ක් ආදී ජනාධිපති බාලදක්ෂ ධනංජය රණවීර මැතිතුමාගේ දායකත්වයෙන් ද නොමිලයේ ප්රදානය කෙරිණි.
අනතුරුව පැමිණ සිටි බාලදක්ෂ දරුවන්ට පැළයක් බැගින් බෙදා දුන් අතර, කළුතර අතිරේක දිස්ත්රික් ලේකම් ගරු විමල් ගුණතුංග මැතිතුමා විසින් මෙම රථගාල පරිශ්රය තුළ කුඹුක් පැළයක් ද, ගරු දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිඳුන් විසින් කුඹුක් පැලයක් ද, මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිනිය සහ සහකාර දිසා කොමසාරිස් (පෝතක) පද්මිණී හේමමාලා මහත්මිය විසින් මැංගුස් පැළයක් ද, සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන්) නුවන් ජීවන්ත මහතා සහ සහකාර දිසා කොමසාරිස් (පුහුණු)නාමල් ගුරුසිංහ මහත්වරුන් විසින් මැංගුස් පැළයක් ද මෙදින සැමරුම වෙනුවෙන් රෝපණය කරන ලදි.
දරුවන් හට තම නිවෙස් වලට ගොස් පැළ සිටුවිය යුතු ආකාරයත්, තසමා විසින් රෝපණය කරන ලද පැළය Thuru ජංගම යෙදුමට Upload කරන ආකාරයත් වැඩසටහනේ දිස්ත්රික් සංවිධායක නුවන් ජීවන්ත මහතා විසින් පැහැදිළි කර දෙන ලද අතර ස්තූති කතාව ද කිරීමෙන් පසු මෙම නිළ උත්සවය විසිර යවන ලදි.
අනතුරුව කෙටි සංග්රහයක් ද දරුවන් හට ලබා දෙන ලදි. මේ සඳහා කළුතර දිසාව නියෝජනය කරන, සහය ප්රධාන කොමසාරිස් ප්රභාත් කුලරත්න මැතිඳුන් සහ දිසා කොමසාරිස් තුමන් අනුග්රාහක දායකත්වය දක්වන ලදි.

164th BP Day Celebrations and National Action Planting of 100000 Saplings Nationwide
Sri Lanka Scout Association – Kalutara District Branch

The Sri Lanka Scout Association organized the Baden Powell Day Celebration and the Island-wide National Planting Program on Monday 22nd February 2021 at the national and district level with the participation of all Scout Scattered Districts throughout Sri Lanka.
The Kalutara District Program was held on Monday 22nd February 2021 from 10.30 am at the Kalutara Bodhi Board of Trustees parking lot with the participation of 50 Scouts with the permission and participation of their parents following all health guidelines.
The Chief Guest was Hon. Wimal Gunatunga, Additional District Secretary, representing the Kalutara District Secretary, while the General Manager of the Kalutara Bodhi Board of Trustees, Hon. J.S. Gunaratne, Mrs. Padma Kumari, Project Officer, Matugama, Hon. Fr. Treesen Silva, Vice Rector, Holy Cross College, Kalutara, Mrs. Renuka Silva, Headquarters Commissioner, Kalutara District Scout Commissioner, Hon. Mr. H. D. Gunathilaka, Chief Assistant District Commissioners, Scout Masters and Scouts participated in this program.
The ceremony began with a scout salute and a welcome address, and the theme of the day was “Plant a Hope”. It was announced by the Assistant District Commissioner (CUB) Mrs. Padmini Hemamala.
The Hon. District Commissioner then welcomed all those present and the children were briefed on the importance of this by the Rev. Fr. Treesen Silva.
Assistant District Commissioner (Administration) – Dinu Saranga Lokuge briefed the children about BP and the District Commissioner lighted a candle and greeted all the Boy Scouts who were present.
Headquarters Commissioner Mrs. Renuka Silva explained the value of tree planting to the children in an exemplary speech under the theme ‘Gasaka Waruna’.
After the keynote address, the message of the Chief Commissioner and the message of the Deputy Chief Commissioner were also made available to the children.
50 of these saplings were donated free of charge by the Matugama Forest Office and 25 by President Scout Dananjaya Ranaweera.
Afterwards, a sapling was distributed among the scout children. The Additional District Secretary of Kalutara, Hon. Wimal Goonatunga also planted a Kumbuk sapling in the car park premises. Another Kumbuk sapling planted by District Commisioner Mr. H. D. Gunathilaka, a Mangosteen plant by Mrs. Renuka Silva, Headquarters Commissioner and Mrs. Padmini Hemamala, Assistant District Commissioner (Potaka), Mr. Nuwan Jeewantha, Assistant District Commissioner (Programs) and Mr. Namal Gurusinghe, Assistant District Commissioner (Training) by. Planted for today’s celebration.
Nuwan Jeewantha, the District Organizer of the event, explained to the children how to go home and plant the seedlings and how to upload the seedlings planted by themself to the Thuru mobile app.
The children were then given a short treat. Mr. Prabhath Kularatne, Assistant Chief Commissioner representing the Kalutara District and the District Commissioner sponsored the event.

Leave a Reply