Thuru Kapakaru Programe

You are currently viewing Thuru Kapakaru Programe

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය සහ සිරස ටීවී මාධ්‍ය ජාලය එක්ව දියතු කරනු ලබන රට පුරා පැළ 25000 ක් සිටුවීමේ ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් වැඩසටහන 2021 මාර්තු 31 වන දින කළුතර දකුණ දුම්රිය ස්ථානය පිටුපස වෙරළ තීරයේදී වෙරළ සංරක්ෂණය ‍උදෙසා පොල් පැළ 60 ක් සිටුවමින් සාර්ථකව පවත්වන ලදි‍.

මෙම වැඩසටහන සඳහා කළුතර සිරිකුරුස විදුහලේ උප අදියුරු ගරු ට්‍රීසන් සිල්වා පියතුමන් ද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කළුතර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ගරු එම්. එස්. පී. කේ. අබේනායක මහතා ද, කළුතර පොලිස් ස්ථානයේ පරිසර අංශයේ පොලිස් සථානාධිපති තුමන් ද, කලුතර දකුණ දුම්රිය ස්ථානාධිපති තුමන් ද, කළුතර නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන් ද, මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිණිය, දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිඳුන් ඇතුළු කළුතර දිසා සංගමයේ සහකාර දිසා කොමසාරිස් වරුන් ද, කළුතර දිසාවේ පාසල් වල බාලදක්ෂ, පෝතක දරුවන් 60 ක් ද, ආචාර්ය මහත්ම මහත්මීන් ද, දරුවන්ගේ දෙමාපියන්ද සහභාගී වූහ. කළුතර නගරාධිපති තුමන් සහ වෙඑළ සංරක්ෂණ කාර්යාලයත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දෙන ලදි.

බාලදක්ෂ මූලස්ථානයේ උපදෙස් සහ දිසා කොමසාරිස් තුමාගේ අනුශාසකත්වයෙන් සහ කළුතර දිසාවේ සහකාර දිසා කොමසාරිස් වරුන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ කළුතර දිසා බාලදක්ෂ සංගමයේ සහකාර දිසා ‍කොමසාරිස් (වැඩසටහන්) නුවන් ජීවන්ත මහතා විසිනි.

මාධ්‍ය අනුග්‍රහය සිරස ගම්මැද්ද කණ්ඩායම සමග සිරස ටීවී මාධ්‍ය ජාලය විසින් ලබාදෙන ලදි.

Kalutara District Program of the National Planting of 25,000 Plants Nationwide Program jointly launched by the Sri Lanka Scout Headquarters and Sirasa TV Media Network was successfully conducted on 31st March 2021 at the beach behind the Kalutara South Railway Station by planting 60 coconut plants for coastal conservation.

Rev. Fr. Trieson Silva, Deputy Principal, Holy Cross College, Kalutara and Hon. Mr. M. S. P. K. Abeynayake was the Chief Guest, the OIC of the Environment Division of the Kalutara Police Station, the OIC of the Kalutara South Railway Station, the Kalutara Municipal Council Public Health Inspector, Headquarters Commissioner Mrs. Renuka Silva, District Commissioner Mr. H. D.  Gunathilaka, Assistant District Commissioners of the Kalutara District Association, 60 scouts from schools in the Kalutara District, Scout Leaders and parents of Scouts participated. The Mayor of Kalutara and the Coast Conservation Office and the District Secretariat helped with this program.

This program was organized by Mr. Nuwan Jeewantha, Assistant District Commissioner (Programs) of Kalutara District Scout Association under the guidance of the Scout Headquarters and under the patronage of the District Commissioner and with the assistance of the Assistant District Commissioners of Kalutara District

Media sponsorship was provided by Sirasa TV Media Network in association with Sirasa Gammedda Group.

Leave a Reply