කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ප්‍රථම පාසල් මුහුදු මානවක බාලදක්ෂ සමුහය

You are currently viewing කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ප්‍රථම පාසල් මුහුදු මානවක බාලදක්ෂ සමුහය

කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ප්රථම පාසල් මුහුදු මානවක බාලදක්ෂ සමුහය ලෙසට ක්රිස්ටෝපියන්ස් මුහුදු මානවක සමාජය ස්ථාපිත වූ වගයි.

දිවංගත බාලදක්ෂ කොමසාරිස්වරයෙකු වූ වර්තමාන මුලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මැතිනියගේ දයාබර පියාණන් වූ හිලරි සිල්වා මැතිතුමන් විසින් ආරම්භ කරනු ලැබූ 12 වන කළුතර, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලීය ක්රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමුහය වසර ගණනාවක් පුරා දිසාවේ ප්රමුඛතම සමුහයක් ලෙසින් විද්යාලයීය දූ දරුවන් උදෙසා සුවිශාල සේවයක් සිදු කරයි. එමෙන්ම වර්ෂ 2011 දී පමණ විද්යාලයේ බාලදක්ෂ ආචාර්යවරියන් වූ වත්මන් සහය දිසා කොමසාරිස්වරියන් වන නිශාන්ති ප්රේමසිරි මහත්මියගේ හා දිරුක්ෂි මෙනවියගේ මහත් කැපවීමෙන් ආරම්භ වූ බාලදක්ෂ බාලිකා අංශය ද වර්තමානයේ දිසාව මෙන්ම සමස්ත බාලදක්ෂ ලෝකයේම ද ජය කෙහෙළි නංවමින් සිටි. මේ ආකාරයට සිඟිති, පෝතක, බාලදක්ෂ බාලක හා බාලිකා කණ්ඩායම් වලින් සමන්විත ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමුහයට දීර්ඝ කාලීනව යම් අවශ්යත්වයක් ද පැවතින. එනම් මානවක බාලදක්ෂ අංශයේ අඩුපාඩුවයි.
මිට ප්රථම මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලීය බාලදක්ෂ සමුහයේ ජනාධිපති බාලදක්ෂයින් හා ආදී බාලදක්ෂයින් කලුතර දිසා මානවක සමුහය හා ශ්රී ලංකා ගුවන් මානවක සමුහය නියෝජනය කරනු ලැබූ අතර එම සංගම් පවත්වාගෙන යාමට ඔවුන්ගේ කාර්යය මහත් පිටුබලයක් වූ අතර එම මානවක බාලදක්ෂයින් බොහෝ දෙනෙකු වර්තමානයේදී විද්යාලීය බාලදක්ෂ ආචාර්යවරුන් හා සහය බාලදක්ෂ ආචාර්යවරුන් ලෙසට සේවය කරයි.
හිටපු සහය දිසා බාලදක්ෂ කොමසාරිස් තැම්පත් අරවින්ද හිරාන් පතිරගේ මහතා විසින් වර්ෂ 2019 දී විද්යාලීය මානවක සමාජය නැවත ස්ථාපිත කළ අතර එය මුහුදු මානවක බාලදක්ෂ සමුහයක් ලෙස ස්ථාපිත කිරීමට එතුමා, සහය දිසා කොමසාරිස් පුහුණු නාමල් ගුරුසිංහ මහතා හා එවක බාලදක්ෂ ආචාර්ය මෙන්ම මුහුදු මානවක අංශයේ දිව්රුම් දුන් මානවකයෙකු වූ ඩි.සෂික අනුශාන් මුණසිංහ මහතා අතර කතිකාවක් විය. නමුත් රටේ ඇති වූ විවිධ පසුගාමී ක්රියාකාරකම් හේතුවෙන් එම කටයුතු අතපසු වූ අතර නැවත උක්ත මානවක සමාජයේ අනුගාමිකයින්ගේ දැඩි ඉල්ලීම මත කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ප්රථම මුහුදු මානවක බාලදක්ෂ සමුහය ලෙසට ක්රිස්ටෝපියන්ස් මුහුදු මානවක සමාජය වර්ෂ 2021 ජුනි මස 13 වන දින යළි ස්ථාපනය කරනු ලැබිය.
මාර්ගගත ක්රමය ඔස්සේ සුම් තාක්ෂණයෙන් පැවති මෙම අවස්ථාවට ,
  • මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලයේ නියෝජ්ය විදුහල්පති, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ ගරු උපසභාපති හා විද්යාලීය සමුහ බාලදක්ෂ ආචාර්ය ඉන්දික සුමනරත්න මහතා,
  • සහය දිසා කොමසාරිස් පුහුණු බේඩන් පවල් ප්රදානලාභී නාමල් ගුරුසිංහ මහතා
  • බාලදක්ෂ බාලිකා ආචාර්ය අසංකා තිලකරත්න මහත්මිය
  • සහය දිසා කොමසාරිස් වැඩසටහන් නුවන් ජීවන්ත මහතා
  • බාලදක්ෂ ආචාර්ය ඩි.සෂික අනුශාන් මුණසිංහ මහතා
  • බාලදක්ෂ ආචාර්ය සංජිව කුමාර් මහතා
  • බාලදක්ෂ ආචාර්ය හා ගුවන් මානවක බාලදක්ෂයින් වන රවිඳු නිෂද්ය ජයලත්,
  • දිනෙත් සඳළු හා දෙනෙත් හසරැල්

යන මහත්ම මහත්මීන් සහභාගී විය.

සාමාජික සාමාජිකාවන් 28 දෙනෙකුගෙන් සමන්විත නව ක්රිස්ටෝපියන්ස් මුහුදු මානවක සමාජයට බාලදක්ෂ ලෝකය තුළින් දිගු ගමනක් යාමට හැකියාව ලැබේවා යි කළුතර දිසා බාලදක්ෂ සංගමය විසින් මේ ආකාරයට සුභාශින්ෂණ පිරිනමනු ලබයි.

සුභ දඩයම්…

Leave a Reply