ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කළුතර දිසා බාලදක්ෂ ශාඛාවේ අභිනව දිසා කොමසාරිස්තුමා ලෙස නාමල් ප්‍රියන්ත ගුරුසිංහ මහතා ඊයේ (2021.08.13) දින ගරු ප්‍රධාන කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පිරිස් මහතාගේන් පත්වීම් ලැබූ වගයි.
We are pleased to inform you that Mr Namal Priyantha Gurusinghe has been appointed as the District Commissioner of the Kalutara District from August 2021 onwards.
We would like to congratulate him on this well-deserved appointment and we look forward to a great period ahead at the Kalutara District Scout Association.
එතුමාගේ බාලදක්ෂ ජීවිතය පිලිබඳ කෙටි සටහනක්,
නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙය ලෙසින් විරුදාවලි ලත් කන්නන්ගර චින්තනයෙන් බිහි වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වූ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් ආදී ශිෂ්‍යයෙකු වන නාමල් ගුරුසිංහ මහතා සිය බාලදක්ෂ ජීවිතය ආරම්භ කරනුයේ වර්ෂ 1989 දී පමණ 12 වන කළුතර .ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයිය ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමුහයට එකතු වීමෙනි. පාසල් කාලයේදී පාසල තුළ මෙන්ම අනෙකුත් සියලු සහෝදර පාසල් තුලත් කැපී පෙනෙන ප්‍රියමනාප, විනයගරුක හා නිහතමානී ශිෂ්‍යයෙකු වූ එතුමා වර්ෂ 1996 දී පාසල් ජීවිතය තුළ ශිෂ්‍යයෙකුට ලබාගත හැකි උසස්ම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනා ගනියි. අනතුරුව එම වර්ෂයේදීම කළුතර දිසා බාලදක්ෂ සංගමයේ මානවක බාලදක්ෂ සමුහයට එකතුවන එතුමා වර්ෂ 2001 දී එහි උසස්ම ප්‍රධානය වන බේඩ්න් පවෙල් ප්‍රදානය දිනා ගනී.
එම යුගය කළුතර දිස්ත්‍රික් මානවක ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන අතරම එවකට මානවක ආචාර්යවරයා වූ ලීලාරත්න මහතාගේ උපදේශකත්වයෙන් නාමල් ප්‍රියන්ත ගුරුසිංහ මානවකයා ඇතුළු එම මානවක සමාජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ කළු ගඟ ඉහත්තාවේ සිට මුවදොර දක්වා සිදුකළ සාම සහස්‍ර නදී චාරිකාව ශ්‍රී ලාංකීය මානවක වංශ කතාවේ නොමැකෙන මතකයකි. වත්මන් සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා ද සමකාලීන එම මානවක සමාජයේ සාමාජිකයෙකි.
2001 වර්ෂයේ පටන් 2010 වර්ෂය දක්වා මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්යවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ එතුමා වර්ෂ 2004 දී බාලදක්ෂ නායක ඉහළම ප්‍රදානය වන ලී පදක්කම බාලදක්ෂ අංශයෙන් දිනාගත් අතරම වර්ෂ 2016 දී පෝතක අංශයෙන් ද ලී පදක්කම දිනා ගැනීමට එතුමා සමත් විය. 2017 වර්ෂයේ පැවති සහය පුහුණු කිරීමේ නායක පාඨමාලාවට සහභාගී වූ එතුමා වර්ෂ 2018 දී එවකට ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්ද-ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ සහය පුහුණු කිරීමේ නායකයෙකු බවට පත් විය.
වර්ෂ 2009 දී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ පැවති දිසා බාලදක්ෂ කඳවුරට නායකත්වය දෙමින් එතුමා සිදුකළ සේවය අගයමින් එවකට දිසා නායකත්වය වූ එල්.බි වීරසිංහ මහතා විසින් මතුගම කලාපය භාර සහය දිසාකොමසාරිස්වරයා ලෙස පත් කළ අතරම 2016 වර්ෂයේදී එවකට සහය දිසා කොමසාරිස් (පුහුණු) ධුරය දැරූ එච්.ඩි ගුණතිලක මහතා දිසා කොමසාරිස් ධුරයට පත්වීමත් සමග නව සහය දිසා කොමසාරිස් (පුහුණු) ධුරයට එතුමා පත් වූ අතර වර්තමානය දක්වාම එතුමා එම ධුරයේ කටයුතු කරනු ලැබිය.
වරතමන්යේදී ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ දිස්ත්‍රික් හා පළාත් සම්බන්ධිකාරකවරයා වශයෙන් ද සේවය කරන එතුමා ගබඩා පාලක උසස් පාඨමාලාව හා මාධ්‍ය පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇත. 2016 වර්ෂයේ පටන් මේ දක්වා එතුමා විසින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් බාලදක්ෂ,මානවක,පෝතක හා සිඟිති අංශයන්ගෙන් පළමු අදියර නායක පුහුණු පාඨමාලා 31 පමණ හා දෙවන අදියර පාඨමාලා 02 ක් සංවිධානය කොට ක්‍රියාත්මක කරනු ලැබිය. ගෙවුණු කාලය පුරා පැවති බොහෝ උසස් පාඨමාලාවල ආචාර්ය මණ්ඩලවල හෙතෙම සේවය කළේය.
එතුමාගේ බාලදක්ෂ ජිවිතයට තවත් සුවිශේෂී අත්දැකීමක් එකතු කරමින් 2013 වශයේදී ජපානයේ යමගුචි හී පවතී 30 වන අසියා ශාන්තිකර කලාපිය ජම්බෝරියට හා 16 වන නිපොන් ජම්බෝරියට තේරීපත්ව එයට සහභාගී වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට සමත් විය.
ලී පදක්කම දිනාගෙන වසර 17 කට ආසන්න කාලයක් ගතවන එතුමා බාලදක්ෂ ලෝකයේ මෙකල විශිෂ්ටයන් වන සරත් ගොඩකන්ද ආරච්චි මහතා , එන්.එස් ද සිල්වා මහතා, එම්.ඊ.එස් . ජයසිංහ මහතා , ඩේමියන් සිල්වා මහතා, ශාන්ත මදුරාවේ මහතා සහ එස්. ඒ. අමරසිංහ මහතා වැන්නන් යටතේ කටයුතු කරමින් බොහෝ දේ ඉගෙනගනිමින් මෙරට වැඩිහිටි බාලදක්ෂ පුහුණු කටයුතු සක්‍රියව පවත්වාගෙන යාමට මහතා කැපවීමෙන් දායක වන ලදී.
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ කැපී පෙනෙන සාමාජිකයෙකු වන එතුමා දැඩි ආගමික හා විනයානුකුල දිවිපෙවතක් ගත කරන අතරම අතිශය නිහතමානී හා සියලු බලදක්ෂයන්ට හා නායකයන්ට අපුර්ව ආදර්ශමත් චරිතයකි. බාලදක්ෂ ලෝකයේ කිසිදු තරඟයකට සහභාගී නොවූ එතුමා කිසිදා තනතුරු හඹා නොගිය පුද්ගල පෞර්ෂයක් වන අතරම තනතුරු එතුමාව හඹා ආ බව එතුමාව දන්නෝ දනිති.
මෙහිදී තවද එක් සටහනක් තැබිය යුතුමය. එතුමාගේ බාලදක්ෂ ජිවිතයේ කල්‍යාණ මිත්‍රයා වූ ද එවකට ඔහුගේ හා සමස්ත දිසාවේ ම යෝධ හෙවණැල්ල වුද එවකට කළුතර දිසාවේ සහය දිසා කොමසාරිස් වැඩසටහන් අරවින්ද හිරාන් පතිරගේ මහතාණන් වත්මන් ධම්‌මසරණ ස්වාමීන්වහන්සේවද මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.
අභිනව දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාණනි, අභිමානවත් ක්‍රිස්ටෝපියන්ස් පුතණුවනි බාලදක්ෂ ව්‍යාපාරය නමින් තැනෙනා යහපත් ලොවට ඔබගේ නායකත්වය හරහා කළුතර දිසාවට ඉහලම දායකත්වයක් ලබාදීමට හැකිවේවා යි අපගේ ප්‍රර්ථනාවයි.
සුබ දඩයම්,
සටහන,
ඩී.සෂික අනුශාන් මුණසිංහ.
BA (Sp) Kel’ya, DPPB PGIAR Kel’ya, MSc (Rd) PGIAR Kel’ya, DPZA (Rd) PGIAR Kel’ya
සහාකාර කතිකාචාර්‍ය්,
පුරාවිද්‍යා අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
සාමාජික,
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සභාව.
සාමාජික,
ශ්‍රී ලංකා කෞතුකාගාර සංගමය .
දිසා බාලදක්ෂ ආචාර්ය,
කළුතර දිසා ශාඛාව ,
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය.
බාලදක්ෂ ආචාර්ය,
12 වන කළුතර ,
සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලය