කළුතර දිසාවේ පළමු මුහුදු මානවක බාලදක්ෂයින් නිල පදක්කම් පලදී
කළුතර දිසාවේ පළමුවන මුහුදු මානවක සමාජය වන “බ්‍රිවෙස්ටරියන්ස් ” මානවක බාලදක්ෂයින්ට සාමාජික පදක්කම් පැළඳවීමේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස මානවක බාලදක්ෂ නායක සචින්ද්‍ර දිසානායක සහ කලණි විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ විශිෂ්ට සංවිධානයකින් යුතුව 2021 දෙසැම්බර් මස 18 වන දින කළුතර කලමුල්ල මුහුදු තීරයේදී පැවැත්විනි. එම අවස්තාව සඳහා කළුතර දිසාවේ ගරු දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය දිසා කොමසාරිස් (පුහුණු) සුමුදු ශිරන්ත මහතා, සහය දිසා කොමසාරිස් (පරිපාලන හා මානවක) දිනු සාරංග මහතා, සහය දිසා කොමසාරිස් (සංවර්ධන හා මූලස්ථාන සම්බන්ධීකාර) T.C.R විජයසේකර මහතා සහ සහය දිසා කොමසාරිස් (මාධ්‍ය, මහජන සම්බන්ධතා හා ජාත්‍යන්තර) කසුන් විජයසේකර යන මහත්වරුන් සහභාගී වී සිටියහ.