කලුතර දිසාවේ 2021 වසරේ අවසන් 1 අදියර පාඨමාලාව සාර්ථකව සිදුකෙරේ.
බාලදක්ෂ අංශයේ නායක නායිකාවන් පුහුණු කිරීමේ I අදියර පුහුණු පාඨමාලාව දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ (ALT) මහතාගේ මගපෙන්වීම යටතේ නවක නායක නායිකාවන් තිස්අට (38) දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2021.12.21 වන දින කලුතර තිස්ස මධ්ය මහා විද්යාලයීය පරිශ්රයේදී ඉතා සාර්ථකව සිදු කෙරුණි.
මෙහි සියලු කටයුතු ඉතා මැනෙවින් සංවිධානය කල සහය දිසා කොමසාරිස් (පුහුණු) ශිරන්ත විජේරත්න (ALT) මහතා පාඨමාලා නායක ලෙස කටයුතු කල අතර දිසාවේ ජ්යෙෂ්ඨතම නායක සහය දිසා කොමසාරිස් (සංවර්ධන සහ මූලස්ථාන සම්බන්ධීකාරක) ටී.සී.ආර් විජයසේකර (ALT) මහතා නියෝජ්ය පාඨමාලා නායක ලෙස කටයුතු කරන ලදී.
පාඨමාලාවේ ආචාර්ය මණ්ඩලයේ සේවය සදහා දිසාවේ සහය දිසා කොමසාරිස්වරුන්, දිසා බාලදක්ෂ නායකයන්, බාලදක්ෂ නායක නායිකාවන්ගේ මෙන්ම පානදුර හොරණ දිසාවේ නලීන් නයනකාන්ත (LT) මහතා සහ කොළඹ දිසාවේ ගීත් රමේශ් (LT), දේශාන් මිලින්ද (ALT), රවීන්ද්ර රණසිංහ (ALT) යන පුහුණු කිරීමේ නායක මහත්වරුන්ගෙන්ද සුවිශේෂී සහයක් ලැබිනි. එසේම වැඩසටහන සාර්ථක කරගැනීමට කලුතර තිස්ස මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිතුමා, සහය දිසා කොමසාරිස් සහ තිස්ස විද්යාලයීය සමූහ බාලදක්ෂ නායිකා නිශාන්ති ප්රේමසිරි මහත්මිය, දිසා බාලදක්ෂ නායක සචින්ද්ර දිසානායක මහතා ඇතුළු බාලදක්ෂ නායක නායිකාවන්ගේ දායකත්වය කැපීපෙනුනි.
කසුන් විජයසේකර
සහය දිසා කොමසාරිස්
(මාධ්ය, මහජන සම්බන්ධතා සහ ජාත්යන්තර)