කළුතර දිසා බාලදක්ෂ සංගමයේ “ඉදිරි දැක්ම” වැඩපිළිවෙළ අනුව, සංඛ්‍යාත්මක සහ ගුණාත්මක බවින් පිරිපුන් බාලදක්ෂ දිසාවක් බිහිකිරීමේ අරමුනින් 2022 වර්ශයේ සිගිති බාලදක්ෂ අංශයේ ආරම්භක දිනය සහය ප්‍රධාන කොමසාරිස් (සිගිති) චන්ද්‍රානි ප්‍රණාන්දු මැතිනියගේ, කළුතර දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ සහ මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ, ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ G.G.D.C කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022.01.07 (ඊයේ) අති සාර්ථකව මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විනි.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සදහා මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ, ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ G.G.D.C කුමාරි මහත්මියගෙන් ඉතා ඉහල සහයක් ලැබිනි. කලුතර දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි සහය දිසා කොමසාරිස් (සිගිති ) සමාරා විජේසුන්දර මහත්මිය විසින් ඉතා සාර්ථක සංවිධානයකින් යුතුව වැඩසටහන පවත්වන ලදී . එසේම සහය දිසා කොමසාරිස් (වැඩසටහන් සහ තොරතුරු තාක්ෂණ) නුවන් ජීවන්ත මහතා තාක්ෂණික කටයුතු සදහා සහය ලබාදුන් අතර සහය දිසා කොමසාරිස් (ජාත්‍යන්තර / මාධ්‍ය සහ මහජන සම්බන්ධතා ) කසුන් විජයසේකර මහතා සිගිත්තෝ උද්‍යෝගිමත් කිරීම සදහා වැඩසටහනක් සිදුකරන ලදී.
මෙම කාර්යය සාර්ථකව පැවැත්වීමට දිසාවේ සිගිති බාලදක්ෂ නායකයන්ගේ, මතුගම අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශ ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ සහ සිගිති බාලදක්ෂයින්ගේ සහයද විශේෂයෙන් කැපීපෙනිනි.
කසුන් විජයසේකර
සහය දිසා කොමසාරිස්
(මාධ්‍ය/ මහජන සම්බන්ධතා සහ ජාත්‍යන්තර)