කලුතර දිසාවේ බාලදක්ෂයින් 74 වන නිදහස සමරති
කළුතර දිසාවේ බාලදක්ෂයින් විසින් 74 වන නිදහස් දිනය සැමරීමට සමගාමීව විවිධ වැඩසටහන් කළුතර දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ඒ අතරින් කලුතර දිසාවේ බ්‍රිවෙස්ටරියන්ස් මුහුදු මානවක බාලදක්ෂ සමාජය සංවිධානය කල වලගෙදර ගොවිජන සේවා මධ්‍යස්ථානය සහ ගල්මත්ත ගොවි සංවිධානය හා එක්ව පැල 100ක් රෝපණය කිරීමේ වැඩසටහනත්, සවස 4.04ට ZOOM මාධ්‍ය ඔස්සේ පැවති “නිදහසේ ආගමනය” මැයෙන් නිදහස පිළිබඳ විස්තරාත්මක වැඩසටහනත් කැපී පෙනිනි. කළුතර දිසාවේ බොහෝ බාලදක්ෂයින් ද තම නිවසේ පැලයක් සිටුවා 74වන නිදහස අර්ථවත්ව සමරනු ලැබීය.
කසුන් විජයසේකර
සහය දිසා කොමසාරිස්
මාධ්‍ය/ මහජන සම්බන්ධතා සහ ජාත්‍යන්තර
Nice work .I also have 11 years experience in scouting. I love scouting.
Be kind to everyone