165 වන බී.පී දින වැඩසටහන – 2022
කළුතර දිසා බාලදක්ෂ සංගමය සහ C.W.W කන්නන්ගර විද්‍යාලයීය බාලදක්ෂ සමූහය එක්ව සංවිධානය කරන ලද බී.පී දින සැමරුම් වැඩසටහන කලුතර දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.02.22 දින ප.ව 6.00ට ZOOM මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විනි.
සහය දිසා කොමසාරිස් (වැඩසටහන් සහ තොරතුරු තාක්ෂණ) නුවන් ජීවන්ත මහතා විසින් පිළිගැනීමේ කතාව සිදුකිරීමෙන් අනතුරුව, විශේෂ සමරු දේශනය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මුලස්ථාන කොමසාරිස්,රේණුකා සිල්වා මහත්මිය විසින් සිදුකරන ලදී. එසේම දිසා බාලදක්ෂ විධායක කමිටු සභාපති, C.W.W කන්නන්ගර විද්‍යාලයීය විදුහල්පති සුසන්ත වීරසිංහ මහතා විසින්ද හරවත් දේශනයක් පවත්වන ලදී. ඉන් අනතුරුව සත්කාරක C.W.W කන්නන්ගර විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ මුද්දර සමාජයේ ප්‍රදර්ශනයක් මෙන්ම, කළුතර දිසාවේ බාලදක්ෂයින් රැසකගේ නිර්මාණ සහිත චිත්‍ර ප්‍රදර්ශනයක් ද සිදු කෙරිනි. මෙම වැඩසටහන බාලදක්ෂ දරු දැරියන්ගේ ගායන, නර්තන අංග රැසකින් හැඩවී තිබිනි. දිසා බාලදක්ෂ නායක සහ C.W.W කන්නන්ගර විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සමූහ නායක ශෂික අනුශාන් මහතා විසින් ස්තුති කථාව සිදුකිරීමෙන් අනතුරුව වැඩසටහනේ සමාප්තිය සිදුවිය.
කසුන් විජයසේකර
සහය දිසා කොමසාරිස්
මාධ්‍ය, මහජන සම්බන්ධතා සහ ජාත්‍යන්තර