12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය

You are currently viewing 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය 70 වන සංවත්සරය
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්ය විද්යාලයීය ක්රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහයට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් සහ කලුතර දිසාවේ හිටපු දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිදුන් ට උපහාර පිදීමත් මූලික අරමුණ කරගනිමින් 2022.03.11 වන දින විද්යාලයීය ශ්රවණාගාරයේ දී ප්රධාන කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මැතිදුන්ගේ ප්රධානත්වයෙන් , කලුතර දිසාවේ දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ අනුශාසකත්වයෙන් පැවැත්විනි.
මෙම උත්සවයේදී, විදුහලේ ජනාධිපති බාලදක්ෂයින් 30 දෙනෙක් සදහා ජනාධිපති පදක්කම් ප්රදානයත්, පෝතක බාලදක්ෂයින් සදහා රන්තරු පදක්කම් 18 ක් ප්රදානයත්, රන්තරු සහතික 94 ක් ප්රදානයත්, මහුදු මානවක බාලදක්ෂයින් 40 ක් සදහා සාමාජික පදක්කම් ප්රදානයත් සිදු කෙරිණි.

උතසවය සදහා ආරාධිතයින් ලෙස සහය ප්රධාන කොමසාරිස් මානවක හා තොරතුරු තාක්ෂණ ශ්රීලත් ද සිල්වා මැතිදුන්, සහය ප්රධාන කොමසාරිස් මාද්ය හා මහජන සම්බන්ධතා ප්රභාත් කුලරත්න මැතිදුන්, මූලස්ථාන කොමසාරිස් රේනුකා සිල්වා මැතිනිය, සහය මූලස්ථාන කොමසාරිස් (මාධ්ය ) දමිත් චමින්ද, කලුතර දිසාවේ හිටපු දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිදුන්, කලුතර දිසාවේ සියලු සහය දිසා කොමසාරිස්වරු, මතුගම කලාප කාර්යාලය නියෝජනය කරමින් පාලන අධ්යක්ෂක ආශා ජයසේකර මැතිනිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

https://www.facebook.com/680873648615842/posts/4923694471000384/?sfnsn=mo

Leave a Reply