කළුතර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කළුතර දිසාවේ මාධ්‍ය අංශයේ කාර්‍යයන් තවත් ශක්තිමත්ව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාම සදහා දිසාවේ ඉදිරි දැක්ම අනුව සහය දිසා කොමසාරිස් (මාධ්‍ය / ජාත්‍යන්තර සහ මහජන සම්බන්ධතා) කසුන් විජයසේකර මහතා විසින් පලමු දිසා බාලදක්ෂ මාධ්‍ය ඒකකය පිහිටුවන ලදී. දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා මෙසේ පළමු මාධ්‍ය ඒකකය සදහා පත්වීම් ලබාදුන් අතර ඒ සදහා , සහය දිසා කොමසාරිස් (පුහුණු) සුමුදු ශිරන්ත මහතා, සහය දිසා කොමසාරිස් ( ජාත්‍යන්තර/ මාධ්‍ය සහ මහජන සම්බන්ධතා) කසුන් විජයසේකර මහතා සහ දිසා බාලදක්ෂ නායක සචින්ද්‍ර දිසානායක මහතා සහභාගී විය.
කළුතර දිසාවේ පලමු නිල මාධ්‍ය ඒකකය පිහිටුවයි.
