ක්‍රිස්ටෝපියන්ස් මුහුදු මානවක පර්ශද කදවුර 2022 හා ක්‍රිස්ටෝපියන්ස් ජ්‍යෙෂ්ඨ බාලක කාණ්ඩ කදවුර
2022.04.09 – 2022.04.11
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය 12 වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරනු ලැබූ පර්ශද හා කාණ්ඩ කදවුරු ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය.
දිසාකොමසාරිස්තුමන් ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විදුහල්පති, කළුතර දිස්ත්‍රික් විධායක කම්ටු ගරු සභාපති සුසන්ත වීරසිංහ මහතාගේ හා සමූහ බාලදක්ෂ ආචාර්ය ඉන්දික සුමනරත්න මහතාගේ අනුශාසකත්වයෙන් මෙම කදවුර සංවිධානය විය.
බාලදක්ෂ හා මානවක ආචාර්ය සෂික අනුශාන් මුණසිංහ මහතාගේ හා මානවක බාලිකා ආචාර්ය සහය දිසාකොමසාරිස් (බාලදක්ෂ බාලිකා) නිශාන්ති ප්‍රේමසිරි මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවතී මෙම කදවුරේ මානවක පර්ශද කදවුරු නායක ලෙස මානවක ආචාර්ය දුල්මිණ සදීප හේරත් මහතා, කාණ්ඩ කදවුරු නායකයන් ලෙස බාලදක්ෂ ආචාර්ය ශෙහාන් සුමනසේකර මහතා හා සහය බාලදක්ෂ ආචාර්ය පුබෝද් පැනසර මහතා කටයුතු කරනු ලැබීය.
සැසි ක්‍රමය යටතේ ප්‍රායෝගික හා න්‍යායික සැසි රාශියකින් සමන්විත වූ කදවුරේ සැසි සදහා දිසාකොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා , සහය දිසාකොමසාරිස් (පරිපාලන හා මානවක) දිනූ සාරංග ලොකුගේ මහතා, සහය දිසාකොමසාරිස් (පුහුණු) ශිරන්ත විජේරත්න මහතා, හොරණ පානදුර දිසාවේ සහය දිසාකොමසාරිස් (පුහුණු) නලීන් නයනකාන්ත මහතා, සහය දිසාකොමසාරිස් (වැඩසටහන්/තොරතුරු තාක්ෂණ) නුවන් ජීවන්ත මහතා, මානවක බාලදක්ෂ ආචාර්ය නාවික ඉන්ජිනේරු හසංක ගුණතිලක මහතා හා බාලදක්ෂ ආචාර්ය කෘශි විද්‍යා දේශක නිලාන් නවිදු මහතා, බාලදක්ෂ ආචාර්ය රවිදු නිශාද්‍ය ජයලත්, දිනුක දේශාන්, දිනෙත් සදලු, තුලංක පුන්සර, ලසන් මඩවල ඇතුළු පිරිසක් සම්පත් දායකයින් ලෙස සම්බන්ධ විය.
❤⚜️