SL Scout Care 2022 – Community Kitchen වැඩසටහනට සමගාමීව පවත්වන ලද කළුතර දිසාවේ සමාරම්භක වැඩසටහන 12 වන කළුතර සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලයීය බාලදක්ෂ බාලක අංශයේ මෙහෙයවීමෙන් අගලවත්ත බැපිටීස්ට් දේවස්ථානයේදී සාර්ථකව පවත්වනු ලැබීය.
මෙම සමාරම්භක අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙසින් මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මහත්මිය සහභාගී වූ අතර, අගලවත්ත බැපිටීස්ට් දේවස්ථායේ දේවගැතිතුමිය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය මූලස්ථාන කොමසාරිස් සෂික අනුශාන් මුණසිංහ මහතා, දිසා බාලදක්ෂ ආචාර්ය (බාලදක්ෂ බාලිකා) අසංකා තිලකරත්න මහත්මිය, බාලදක්ෂ ආචාර්ය ඉමාල් චමෝද් කරුණාරත්න මහතා හා 12 වන කළුතර ක්රිස්ටෝපියන්ස් මානවක සමාජයේ සාමාජිකයන් පිරිසක් සම්බන්ධ විය.
විද්යාලයේ විදුහල්පතිතුමන් හා සමූහ බාලදක්ෂ ආචාර්ය ඉන්දික සුමනරත්න මහතාගේ උපදේශකත්වයෙන් හා දිසාකොමසාරිස්තුමන් ගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ව්යාපෘතිය ජ්යේශ්ඨ බාලදක්ෂ හිවිරු දිල්නෙත් ගේ ප්රාජා සේවා ව්යාපෘතිය ලෙසය ක්රියාත්මක විය.
මෙහිදී ඉතා දුෂ්කර පෙදෙස් වලින් පැමිණෙන වයස අවුරුදු 05 – 16 අතර කාණ්ඩයේ දූ දරුවන් ට දිවා ආහාරය හා සවස සිසිල් පැන් ලබා දීමත් ඔවින්ගේ දැනුම, කුසලතා ආකල්ප වර්ධනය ට අදාළ ව දේශන, ක්රීඩා හා විනෝදාත්මක වැඩසටහන් සංවිධානය කිරීමත් සිදු විය.
මෙම ව්යාපෘතිය සදහා සුභපැතුම් එක් කළ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතීඥ ජනප්රිත් ප්රනාන්දු මැතිතුමන් හා සහාය ප්රධාන කොමසාරිස් මානවක හා තොරතුරු තාක්ෂණ ශ්රීලත් සිල්වා මහතා ඇතුළු ව්යාපෘතිය ට සම්බන්ධ වූ සියලූ දෙනාට ගෞරව පූර්වක ස්තුතිය.