පසුගිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවති 13 වැනි ජාතික කබෝරියට සමගාමීව කළුතර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කල ප්රාදේශීය කබෝරි වැඩසටහන් පෝතකයින් 243 කගේ සහ ආකේලාවරියන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මධ්යස්ථාන තුනකදී ඉතා සාර්ථකව පැවැත්විය. පෝතක බාලදක්ෂ අංශය භාර සහය දිසා කොමසාරිස් පද්මිණී කුලරත්න මහත්මියගේ සංවිධානයෙන් මතුගම සහ බේරුවල ප්රදේශවලදී පැවැත්වූ මෙම වැඩසටහන් සදහා ආරාධිත අමුත්තන් ලෙස
කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, කළුතර දිසා බාලදක්ෂ ශාඛා සංගමයේ විධායක සභාවේ ගරු සභාපති විදුහල්පති සුසන්ත වීරසිංහ මහතා , ඇතුළු සහය දිසා කොමසාරිස්වරුන් සහභාගීවූ අතර මධ්යස්ථාන වශයෙන්, C.W.W කන්නන්ගර විද්යාලයේ නියෝජ්ය විදුහල්පති ඉන්දික සුමනරත්න මහතා, සහය මූලස්ථාන කොමසාරිස් ශෂික අනුශාන් මහතා සහ සහය දිසා කොමසාරිස් පුහුණු ශිරන්ත විජේරත්න මහතාත් සහභාගි වූූහ. බේරුවල ආරියවංශ ජාතික පාසලේ විදුහල්පති වාස් ගුණවර්ධන මහතා, නියෝජ්ය විදුහල්පතිතුමිය අනුශා බන්ඩාර මිය,
නියෝජ්ය විදුහල්පතිතුමිය ප්රභා මල්කාන්ති මිය සහ
ප්රාතමික අංශයේ විදුහල්පති තුමිය ගනේශා මහත්මිය සුවිශේෂී සහයක් ලබා දෙමින් සහභාගි වූහ.
ආනන්ද ශාස්ත්රාලය මධ්යස්ථානයේ ආරාධිත අමුත්තන් ලෙස, ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසල විදුහල්පති රන්දුන් ජයලත් මහතා, ආනන්ද ශාස්ත්රාලය ජාතික පාසල ප්රාථමික අංශය විදුහල්පති නයනප්රිය විතාන මහතා, මතුගම කලාප අධ්යාපන කාර්යාලය නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂ (සැලසුම්) නයෝමි දසනායක මහත්මිය, විශ්රාමික විදුහල්පති S. A. ප්රේමදාස මහතා සහභාගි විය.