30 වන කළුතර බාලදක්ෂ සමූහයේ දශක සංවත්සර මිත්‍රත්ත්ව කඳවුර

You are currently viewing 30 වන කළුතර බාලදක්ෂ සමූහයේ දශක සංවත්සර මිත්‍රත්ත්ව කඳවුර
බප/කළු/පොතුවිල මහා විද්යාලයීය 30 වන කළුතර බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ අංශය ආරම්භ කර වසර 10 ක සපිරීම නිමිත්තෙන් “එඩිතරව දියුණුව කරා” යන තේමාවෙන් කළුතර දිසාවේ සහෝදර බාලදක්ෂ සමූහයන් ද සම්බන්ධ කරගනිමින් පසුගිය දෙසැම්බර් මස 2 සිට 4 දින දක්වා තෙදින බාලදක්ෂ මිත්රත්ත්ව කඳවුරක් එම විදුහල් ක්රීඩාංගනයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
2012 වසරේදී මෙම විදුහලේ වර්තමාන බාලදක්ෂ ආචාර්ය, කළුතර දිසාවේ වර්තමාන සහකාර දිසා කොමසාරිස් (වැඩසටහන් හා තොරතුරු තාක්ෂණ) නුවන් ජීවන්ත මහතා එවකට විදුහල්පති ගයා ශ්රී ලාල් වික්රමාරච්චි මැතිඳුන්ගේ අවසරයෙන් ආරම්භ කරන ලදි. එදා සිට මේ දක්වා කළුතර දිසාවේ මෙන්ම ජාතික හා ජාත්යන්තර මට්ටමේ බාලදක්ෂ කටයුතු සඳහා සක්රීයව දායකත්වය දක්වමින් ජයග්රහණද හිමිකරගත් සමූහයක් ලෙස මෙම බාලදක්ෂ සමූහය හැඳින්විය හැක.
වර්තමානයේ මෙම සමූහයේ සමූහ බාලදක්ෂ ආචාර්ය ලෙස කටයුතු කරනු ලබන්නේ විදුහල්පති ජී. ඩී. නන්දන සේනාරත්න මහතා වේ. එතුමන්‌ගේ අනුශාසකත්වයෙන් වර්තමාන බාලදක්ෂ ආචාර්ය නුවන් ජීවන්ත මහතාගේ මෙහෙයවීමෙන් විදුහලේ බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් සහ ආදි ජනාධිපති බාලදක්ෂයින් මෙන්ම ආදි බාලදක්ෂයින් සහ දෙමාපියන් විසින් මෙම කඳවුර සංවිධානය කරන ලදි.
මෙම කඳවුරේ සමාරම්භක උළෙල සඳහා ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන කොමසාරිස් නීතීඥ ජනප්රිත් ප්රනාන්දු මහතා ප්රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර, එම අවස්ථාවේදී බාලදක්ෂ කඳවුරට නව අංගයක් එකතු කරමින් විශේෂ බාලදක්ෂ ආචාර පෙළපාලියක් ප්රධාන කොමසාරිස් තුමන්ට උත්තමාචාර දැක්වීම කැපී පෙනෙන අංගයක් විය. තවද සහය දිසා කොමසාරිස් නුවන් ජීවන්ත මහතා විසින් නිර්මාණය කරන ලද කළුතර දිසාවේ නිළ මාර්ගගත බාලදක්ෂ තොරතුරු පද්ධතියද ප්රධාන කොමසාරිස් තුමන්ගේ සුරතින් දියත් කෙරිණි. තවද 30වන කළුතර පොතුවිල ජාත්ක පාසලේ ජ්යෙෂ්ඨ බාලදක්ෂ නවෝද් චතුරංග හට ප්රදාන කොමසාරිස් තුමන් විසින් ජනාධිපති ප්රදානය පිරිනැමීමද මෙහිදී සිදු විය.
තවද තෙදින පුරා බාලදක්ෂයින් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබූ අතර, සංස්කෘතික ප්රසංගය, හිටපු බාලදක්ෂ ආචාර්ය වරුන් සහ දෙමාපිය උපහාර තිළින ප්රදානය, Better World Framework පදක්කම් හඳුන්වා දීමේ වැඩසටහන, අභියෝගාත්මක වෙහෙරගල කන්ද වීර චාරිකාව, කඳවුරු ගිණිමැලය සහ සංගීතමය රාත්රීය ඒ අතරින් සුවිශේෂී වැඩසටහන් විය.
පොතුවිල ශ්රී රාජමන්තින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය ගම්පොල සුදත්ත හිමියන්ගේ සහ වෙහෙරගලකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්ය මංගලගම මෙත්තානන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන් පැවති මෙම කඳවුරේ සෙසු ආරාධිත අමුත්තන් ලෙස කළුතර දිසාවේ දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය මූලස්ථාන කොමසාරිස් ශශික අනුශාන් මුණසිංහ මහතා, හිටපු දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මහතා, සහකාර දිසා කොමසාරිස් පුහුණු ශිරන්ත විජේරත්න මහතා, සහකාර දිසා කොමසාරිස් පරිපාලන දිනූ ලොකුගේ මහතා, සහකාර දිසා කොමසාරිස් බාලදක්ෂ උපුල් කුමාර මහතා, සහකාර දිසා කොමසාරිස් ටී. සී. ආර්. විජයසේකර මහතා, සහකාර දිසා කොමසාරිස් මාධ්ය හා මහජන සම්බන්ධතා කසුන් විජයසේකර මහතා, දිසා බාලදක්ෂ ආචාර්ය ශශින්ද්ර ප්රියනාත් මහතා, දිසා බාලදක්ෂ ආචාර්ය චමිල ඉඳුනිල් මහතා, බාලදක්ෂ ආචාර්ය සුමිත් විජේසිංහ මහතා සහ තවත් බොහෝ බාලදක්ෂ නිළධාරීන් සහභාගී විය. තවද බේරුවල ප්රාදේශිය සභාවේ ගරු සභාපති තුමන්, බාලදක්ෂ විධායක කාරක සභාවේ නිළධාරීන් ආදී සම්භාවනීය අමුත්තන් රැසක් විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගී විය.
විදුහලේ හිටපු සමූහ බාලදක්ෂ ආචාර්ය ගයා ශ්රී ලාල් වික්රමාරච්චි මහතා ද, වර්තමාන සමූහ බාලදක්ෂ ආචාර්ය නන්දන සේනාරත්න මහතා ද, හිටපු බාලදක්ෂ ආචාරිණියන් වූ චතුරි ඡනීෂා ගුරු මහත්මිය, කලණී ගවේශිකා ගුරු මහත්මිය, අංජලී සමංගි ගුරු මහත්මිය සහ හිටපු බාලදක්ෂ ආචාර්ය රමේෂ් තෙන්නකෝන් මහතා ද, වර්තමාන බාලදක්ෂ ආචාර්ය නුවන් ජීවන්ත මහතා, ගයාන් රණවංශ මහතා ද, බාලදක්ෂ ආචාරිණී තුෂාරි ලියන ආරච්චි මහත්මිය ඇතුළු සමූහයේ දස වසරක ගමන් මගේ ශ්රමය, ධනය, කාලය කැප කළ තවත් බොහෝ පිරිසක් මෙම කඳවුරේදී ඇගයීමට පාත්ර විය.
Better World Framework පදක්කම් හඳුන්වා දීමේ වැඩසටහනේ Scout Go Solar වැඩමුළුව දිසා බාලදක්ෂ ආචාර්ය චමිල ඉඳුනිල් මහතාගේ මෙහෙයවීමෙන් කෙන්යාවේ බාලදක්ෂ ආචාර්යවරියක් මාර්ගගතව සම්බන්ධ වෙමින් පවත්වන ලදි. Campions for Nature Challenge පදක්කම හඳුන්වා දීම සහය දිසා කොමසාරිස් පුහුණු සුමුදු ශිරන්ත මහතා විසින් මෙහෙයවන ලද අතර, සාමයේ පණිවිඩ කරුවෝ (MoP) පදක්කම සහ සෙසු පදක්කම් පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන පානදුර හොරණ දිසාවේ බාලදක්ෂ ආචාර්ය සුමිත් විජේසිංහ මහතා, ගුවන් බාලදක්ෂ ආචාර්ය චේතිය ලක්ෂාන් මහතා සහ කඳවුරු නායක නුවන් ජීවන්ත මහතා විසින් මෙහෙයවන ලදි. කඳවුරු ගිණිමැලය මෙහෙයවීම ද සහය දිසා කොමසාරිස් පුහුණු සුමුදු ශිරන්ත මහතා විසින් සිදු කෙරිණි.
මෙම කඳවුර ආරාධිත සමූහ ලෙස, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල, මතුගම ශාන්ත මේරි මහා විදුහල, කළුතර විද්යාලය ජාතික පාසල, මුංහේන කනිෂ්ඨ විද්යාලය යන බාලදක්ෂ සමූහ වල බාලදක්ෂයින් ද සමගින් බාලදක්ෂයින් සහ බාලදක්ෂ බාලිකාවන් 200 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම කඳවුර සංවිධානයේදී කඳවුරු සභාපති ලෙස විදුහල්පති නන්නද සේනාරත්න මහතා ද, කඳවුරු නායක ලෙස සහකාර දිසා කොමසාරිස් නුවන් ජීවන්ත මහතා ද, කඳවුරු සංවිධායක ලෙස බාලදක්ෂ ආචාර්ය ගයාන් රණවංශ මහතා ද, කඳවුරු භාණ්ඩාගාරික ලෙස බාලදක්ෂ ආචාරිණී තුශාරි ලියන ආරච්චි මහත්මිය ද කටයුතු කළ අතර, ආදි ජනාධිපති බාලදක්ෂයින් වන, චානක රමේෂ්, පසිඳු ලක්ෂාන්, නවෝද් චතුරංග, ජනනි දිලුක්ෂිකා ද, ආදි බාලදක්ෂයින් වන, චාමර මධුශාන්, නිලන චතුමාල්, සසිඳු නෙතුන්, අරණි රවින්යා, තාරින්දි පුංචිහෙට්ටි, ශශිකා, තරුෂි යන අයගෙන්ද, ජ්යෙෂ්ධ බාලදක්ෂයින් වන, නදිල් දිස්සක, සිතුම් නිම්සර, චමිත් කවිඳු, ටෙරාන් පසිඳු, සසිඳු ධනුෂ්ක, භානුක ප්රභෘශ්වර, තශාර නෙත්මිණ යන බාලදක්ෂයින් විසින් දක්වන ලද අසීමිත වෙහස, කැපවීම සහ දායකත්වය නොවන්නට මෙම කඳවුර මෙතරම් සාර්ථක කඳවුරක් නොවන්නට ඇත. එබැවින් සමස්ථ සංවිධායක කමිටුවේ ප්රණාමය ඔවුන් සියලු දෙනාට හිමි විය යුතු වේ.
මෙම කඳවුර සඳහා දිසා කොමසාරිස් තුමන් ඇතුළු දිසාවේ නිළධාරීන්ගෙන් ලැබුනු සහයද අති මහත් වූ අතර, බාලදක්ෂ සමූහයේ දෙමාපියන්ගෙන් ලැබුනු සහයද මිල කළ නොහැක. කඳවුර සඳහා සහභාගී වූ සියලුම බාලදක්ෂයින්වත්, ඔවුන් සමග පැමිණි බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන්වත්, ඔවුන් රැගෙන ඒමට අවසර දුන් විදුහල්පති වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සියලු දෙනාවම කෘතඥ පූර්වකව සිහිපත් කරන්නෙමු.
කඳවුර සඳහා විශේෂ අංග එක් කරමින් විදුහල් බටහිර තූර්ය වාදක කණ්ඩය, පෙරදිග තූර්ය වාදක කණ්ඩය, නර්තන අංශය, ශිෂ්යභට කණ්ඩය, සෞඛ්ය දාන ඒකකය නියෝජනය කළ සියලුම සිසු දරු දැරියන් මෙන්ම ඒ ඒ අංශ භාර විදුහලේ ආචාර්ය මහත්ම මහත්මීන්ටද කෘතඥ විය යුතු වේ.

තවද විදුහලේ ආදි ශිෂ්ය සංගමය මෙන්ම, ශ්රී ලංකා පොලිසිය, ‌බේරුවල ප්රාදේශීය සභාව, නාගොඩ මහ රෝහල යන ආයතන මගින් කඳවුර සඳහා දක්වන ලද සහයෝගයට ස්තූතිය පුදකර සිටිමු.

Leave a Reply