සහය දිසා කොමසාරිස්වරුන් සහ දිසා බාලදක්ෂ නායකයින් සඳහා වන පුහුණු වැඩසටහන සහ සුහද හමුව – 2023
කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ඉදිරි දැක්ම උදෙසා දිසා කොමසාරිස් තුමන්ගේ ප්රධානත්වයෙන් 2023 ජනවාරි මස 22 වන දින මතුගම Cozy Island Villa හිදී කළුතර දිසාවේ සහය දිසා කොමසාරිස් වරුන් සහ දිසා බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා පුහුණු වැඩසටහනක් සහ සුහද හමුවක් සාර්ථකව පැවැත්විණි.
එහිදී 2023 වසර සඳහා නව සහය දිසා කොමසාරිස් වරුන් සහ දිසා බාලදක්ෂ නායක නායිකාවන් සඳහා විෂයයන් භාරදීම සහ නව දිසා බාලදක්ෂ නායකයින් පත් කිරීම සිදු කෙරුණු අතර, 2023 වාර්ෂික වැඩසටහන සහ දිසාවේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනාගේ අදහස් විමසීමත්, ඉදිරි වසර තුළ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සැලසුම් කිරීමත් සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා අභිනවයෙන් පත් වූ සහය ප්රධාන කොමසාරිස් (පෝතක) රේණුකා සිල්වා මැතිණිය සහභාගී වූ අතර, ඇයව කළුතර දිසාවේ සියලු නිළධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනිමින් සුබපැතුම් එක් කිරීම මෙදින විශේෂ අවස්ථාවක් විය. තවද එදින විශේෂ අමුත්තන් ලෙස කළුතර දිසාවේ හිටපු දිසා කොමසාරිස් එච්. ඩී. ගුණතිලක මැතිතුමන්, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ ගරු සභාපති සුසන්ත වීරසිංහ මැතිතුමන්, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක කමිටුවේ සාමාජික කළුතර දිස්ත්රික් නියෝජිත නියෝමාල් විජේගුණවර්ධන මැතිතුමන්, මතුගම කලාප අධ්යාපන අධ්යක්ෂක ප්රේමා මැතිනිය, කළුතර දිසා බාලදක්ෂ සංගමයේ ගරු පදක්කම් ලේකම් ප්රසන්න මැතිතුමන් සහභාගී විය.
දිසා කොමසාරිස් තුමන් විසින් පත් කරන ලද 2023 වසර සඳහා සහය දිසා කොමසාරිස් වරුන් සහ දිසා බාලදක්ෂ නායක නායිකාවන්ගේ තනතුරු පහත පරිදි වේ.
1. දිනූ සාරංග ලොකුගේ මහතා – ස.දි.කො. පරිපාලන / ස.දි.කො. මූල්ය
2. ශිරන්ත විජේරත්න මහතා – ස.දි.කො. පුහුණු / ස.දි.කො. මානවක
3. උපුල් කුමාර මහතා – ස.දි.කො. වැඩසටහන් / ස.දි.කො. බාලදක්ෂ
4. නුවන් ජීවන්ත මහතා – ස.දි.කො. මාධ්ය හා මහජන සම්බන්ධතා / ස.දි.කො. තොරතුරු තාක්ෂණ
5. ටී. සී. ආර්. විජයසේකර මහතා – ස.දි.කො. සංවර්ධන සහ සුබසාධන
6. කසුන් විජයසේකර මහතා – ස.දි.කො. ජාත්යන්තර
7. සමාරා විජේසුන්දර මහත්මිය – ස.දි.කො. සිඟිති බාලදක්ෂ
8. පද්මිණි කුළරත්න මහත්මිය – ස.දි.කො. පෝතක බාලදක්ෂ
9. නිශාන්ති ප්රේමසිරි මහත්මිය – ස.දි.කො. බාලදක්ෂ බාලිකා
10. සචින්ද්ර ප්රියනාත් මහතා – ස.දි.කො. කළුතර කොට්ඨාසය
11. චතුරානි දිල්රුක්ෂි මහත්මිය – ස.දි.කො. මතුගම කොට්ඨාසය
12. ගීතා මල්කාන්ති මහත්මිය – දිසා බාලදක්ෂ නායිකා (පරිපාලන සහ මූල්ය)
13. කවිඳු රන්දුල මහත්මා – දිසා බාලදක්ෂ නායක (වැඩසටහන්)
14. ඩබ්ලිව්. ඒ. කේ. නවෝද්යා මෙනෙවිය – දිසා බාලදක්ෂ නායිකා (පුහුණු)
15. චමිල කුමාර මහතා – දිසා බාලදක්ෂ නායක (ජාත්යන්තර)
16. ඊ. එච්. එස්. ඈපාසිංහ මහත්මා – දිසා බාලදක්ෂ නායක (මතුගම කොට්ඨාසය / බාලදක්ෂ)
17. අසංකා තිලකරත්න මහත්මිය – දිසා බාලදක්ෂ නායිකා (බාලදක්ෂ බාලිකා)
18. දිලුම් ලියනආරච්චි මහත්මා – දිසා බාලදක්ෂ නායක (පෝතක බාලදක්ෂ)
19. ගයානි ජයවර්ධන මහත්මිය – දිසා බාලදක්ෂ නායිකා (සිඟිති බාලදක්ෂ)
20. විශ්ව ගමගේ මහතා (දිසා කොමසාරිස් සම්බන්ධීකරණ)
නව වසර සදහා වැඩ භාරගත් සියලුම සහකාර දිසා කොමසාරිස් වරුන්ටත්, දිසා බාලදක්ෂ නායක නායිකාවන්ටත්, අභිනවයෙන් පත්වූ දිසා බාලදක්ෂ නායක නායිකාවන්ටත් කලුතර දිසා බාලදක්ෂ සංගමයේ උණුසුම් සුබපැතුම්!
මාධ්ය ඒකකයශ්රී ලංකා බාලදක්ෂ සංගමය – කළුතර දිසා ශාඛාව