දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දෙති.

You are currently viewing දොළොස්වන කළුතර ක්‍රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දෙති.

දොළොස්වන කළුතර ක්රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දෙති.

දොළොස්වන කළුතර ක්රිස්ටෝපියන්ස් මානවක සමාජයෙන් බිහිකරන ලද පළමු මානවකයන් දස දෙනා දිවුරුම් දීමේ උත්සවය 2023.01.28 දින ඉතා සාර්ථක අන්දමින් සිදු කරන ලදි.
මෙහිදී තවත් එක් විශේෂත්වයක් වන්නේ කළුතර දිස්ත්රික් ඉතිහාසයේ ප්රථම මානවක බාලදක්ෂිකාවන් හතර දෙනාගේ දිවුරුම් දීමයි. දොළොස්වන කළුතර ක්රිස්ටෝපියන්ස් මානවක සමාජයේ මේ වසර තුලදී මානවක බාලදක්ෂයන් 50 කට ආසන්න ප්රමාණයක් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මේ වන විට ලංකාවේ ප්රමුඛ මානවක සමාජයක් බවට පත්වෙමින් පවතියි.
මෙම දිවුරුම්දීමේ උත්සවය සඳහා මූලස්තාන කොමසාරිස් ප්රියදර්ශනී මහත්මිය, කලුතර දිසා කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය මූලස්තාන කොමසාරිස් සශික මුනසිංහ මහතා සහභාගී වූ අතර, වැඩසටහන මෙහෙයවනු ලැබූවේ සහය දිසා කොමසාරිස් මානවක සුමුදු ශිරන්ත මහතා විසින් වන අතර, නුවර, හෝමාහම, මීගමුව ආරාධිත සහය දිසා කොමසාරිස් වරුන් සහ ආරාධිත මූලස්තාන කොමසාරිස් වරුන්, කලුතර දිස්ත්රික් මානවක සමාජයේ ආචාර්යය සහය දිසා කොමසාරිස් සචීන්ද්ර දිසානායක මහතා සහ ආචාර්යය කලනි විජේසිංහ මහත්මිය ඇතුලු පිරිස මේ සඳහා සහභාගී වූහ.
මෙම ඓතිහාසික අවස්ථාවට කළුතර දිසා කොමසාරිස් තුමන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් ද නිකුත්කරනු ලැබීය.
දිසා කොමසාරිස් තුමාගේ සුබපැතුම් පණිවිඩය
“දොළොස්වන කළුතර ක්රිස්ටෝපියන්ස් මානවක සමාජය වෙත උණුසුම් සුබ පැතුම් එක් කරමි. ඉතා සාර්ථකව ක්රියාත්මක කරන ලද මෙම දිවුරුම් දීමේ වැඩසටහන සංවිධානය කළ මානවක ආචාර්ය දුල්මිණ මහතා සහ දිවුරුම් දුන් සියලුම මානවක මානවිකාවන්ට සුභ පතමි. කළුතර දිසා ඉතිහාසයේ ප්රථම මුහුදු මානවක බාලිකා දියුරුම් දීමේ වැඩසටහන නිර්මාණය කළ හා සංවිධානය කළ සහය මූලස්ථාන කොමසාරිස් ශෂික අනුෂාන් මහතා, මානවක ආචාර්ය දුල්මිණ මහතා මානවක ආචාරිනි කෝකිලා මෙනවිය ඇතුළු සැමට කළුතර දිසාවේ ප්රණාමය.”
දිවුරුම් දුන් මානවක මානවිකාවන් සැමට කළුතර දිසා සංගමයේ උණුසුම් සුබපැතුම්!
පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප පෙළකි.
මාධ්ය ඒකකය
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය
කළුතර දිසා ශාඛාව

Leave a Reply