ලෝක බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ ශ්රීමත් රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමි තුමාගේ 166 වන ජන්ම දිනය වෙනුවෙන් ලොව පුරා බාලදක්ෂයින් සෑම වසරකම පෙබරවාරි 22 වන දින බීපී දින සැමරුම් උත්සවාකාරයෙන් සමරනු ලබයි. ඒ අනුව ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිදානය කෙරෙන බීපී දින සැමරුම් උළෙලට සමගාමීව කළුතර දිස්ත්රික් වැඩසටහන කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ මුලිකත්වයෙන් අගලවත්ත මිහිඳු මධ්ය මහා විද්යාලයේ සත්කාරක දායකත්වයෙන් කළුතර දිසාවේ සිඟිති, පෝතක, බාලදක්ෂ සහ මානවක අංශ යන සියලුම අංශ වල බාලදක්ෂයින් 1000 කගේ පමණ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් 2023 පෙබරවාරි මස 22 වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා පවත්වන ලදි.
මෙම වැඩසටහනේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස අගලවත්ත ප්රාදේශීය ලේකම් සඳරේඛා නිල්මිණී මහත්මිය සහභාගී විය. එමෙන්ම සම්භාවනීය අමුත්තන් ලෙස, මතුගම කලාප අධ්යාපන අධ්යක්ෂ තුමිය නියෝජනය කරමින් සහකාර අධ්යාපන අධ්යක්ෂ ක්රීඩා සෞඛ්යය සහ බාලදක්ෂ කටයුතු දීප්ති මහතා
. ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ කළුතර දිසා ශාඛාවේ විධායක සභාවේ සභාපති සුසන්ත වීරසිංහ මහතා
• අගලවත්ත ප්රාදේශීය සභාවේ ගරු සභාපති තුමා
• අගලවත්ත කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂක තුමිය
•අගලවත්ත මිහිඳු මධ්ය විද්යාලයේ ගරු විදුහල්පති බී. වී. රත්නසිරි මහතා
• ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ කමිටු සාමාජික නියෝමාල් විජේගුණවර්ධන මහතා
• අගලවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශය භාර පොලිස් ස්ථානාධිපති තුමා
• කළුතර දිසාවේ සහය දිසා කොමසාරිස් වරු ඇතුළු
අමුත්තන් රැසක් සහභාගී විය.
මේ සදහා,
1.ඊ.ඩබ්.අදිකාරම් විද්යාලය
2. මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්ය විද්යාලය
3.ඩී.ඩී.ඇතුලත්මුදලි කනිෂ්ඨ විද්යාලය
4.මීගහතැන්න ප්රාථමික විද්යාලය
5.ශාන්ත මේරි විද්යාලය
6.පිඹුර ප්රාථමික විද්යාලය
7.මුලටියන ප්රාථමික විද්යාලය
8.කටුගහහේන කනිෂ්ඨ විද්යාලය
9.සිරි කුරුස විද්යාලය
10.කලපුගම මේධානන්ද විද්යාලය
11.තිස්ස මධ්ය විද්යාලය
12.මුංහේන කනිෂ්ඨ විද්යාලය
13.කළුතර විද්යාලය
14.කොහොලාන කනිෂ්ඨ විද්යාලය
15.කිතුල්ගොඩ කනිෂ්ඨ විද්යාලය
16.ආරියවංශ මහා විද්යාලය
17.උඩවෙල සිරි පියරතන විද්යාලය
18.පොතුවිල මහා විද්යාලය
19.කලෛයිමගල් විද්යාලය
20.පාදාගොඩ කනිෂ්ඨ විද්යාලය
යන බාලදක්ෂ සමූහ වලින් බාලදක්ෂයින් සහභාගී විය.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් කළුතර දිසාවේ සියලුම අංශ වල බාලදක්ෂයින් එක්ව සංවිධානය කරන 2023 වසරේ ප්රථම වැඩසටහන වීම දැක්විය හැකිය. වැඩසටහන ආරම්භයේදී සිඟිති බාලදක්ෂයින් තම තේමා පාඨය වන “යාලුකමයි සතුටයි” යන්න පෙරටු කොටගනිමින් අගලවත්ත හොරණ මාර්ගයෙන් ද, පෝතක බාලදක්ෂයින් තම තේමා පාඨය වන “සෑම වීර්ය කරම්” යන්න පෙරටු කොටගනිමින් අගලවත්ත බදුරලිය මාර්ගයෙන් ද, බාලදක්ෂ අංශය තම තේමා පාඨය වන “සූදානම්ව සිටිනු” යන්න පෙරටු කොටගනිමින් මතුගම අගලවත්ත මාර්ගයෙන් ද කිලෝමීටරයක් පමණ දුර සිට පා ගමනින් අලංකාරවත් ලෙස අගලවත්ත නගර මධ්ය හරහා පැමින පෙ.ව. 9.00 ට මිහිඳු විද්යාලයට ප්රවිශ්ඨ විය.
ප්රධාන උපහාර උත්සවයෙන් පසු සිඟිති, පෝතක සහ බාලදක්ෂ අංශ සඳහා විවිධ ක්රියාකාරකම් රැසක් සංවිධානය කර ක්රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතාගේ ප්රධාන අනුශාසකත්වයෙන් ක්රියාත්මක වූ අතර ප්රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලැබුවේ කළුතර දිසාවේ දිසා බාලදක්ෂ නායක, අගලවත්ත මිහිඳු මධ්ය විද්යාලයේ බාලදක්ෂ ආචාර්ය හිරන්ත ඈපාසිංහ මහතා විසිනි. කවද මෙම බීපී දින සැමරුම් වැඩසටහන සංවිධානය කර ක්රියාත්මක කිරීමේ දී සහය දිසා කොමසාරිස් පුහුණු සහ මානවක ශිරන්ත විජයරත්න මහතා, සහය දිසා කොමසාරිස් වැඩසටහන් සහ බාලදක්ෂ උපුල් කුමාර මහතා, සහය දිසා කොමසාරිස් පරිපාලන සහ මූල්ය දිනූ සාරංග මහතා, සහාය දිසා කොමසාරිස් මාධ්ය හා තොරතුරු තාක්ෂණ අමිල ජීවන්ත මහතා සහ සහය දිසා කොමසාරිස් කළුතර කලාප සචින්ද්ර ප්රියානාත් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර සිඟිති බාලදක්ෂ වැඩසටහන දිසා බාලදක්ෂ ආචාර්ය ගයනි ජයවර්ධන මහත්මියත් පෝතක බාලදක්ෂ වැඩසටහන සහාය දිසා කොමසාරිස් පෝතක පද්මිනී කුලරත්න මහත්මියත් බාලදක්ෂ වැඩසටහන සහ දිසා කොමසාරිස් වැඩසටහන් හා බාලදක්ෂ උපුල් කුමාර මහතාත් විසින් කළුතර දිසාවේ බාලදක්ෂ නායක නායිකාවන්ගේ සහ දිසාවේ මානවක සමාජයන්ගේ සහය ඇතිව ඉතා සාර්ථකව ක්රියාත්මක කරන ලදී
සවස් වරුවේ ක්රියාකාරකම් අවසානයේ සියලුම බාලදක්ෂයින් සඳහා වටිනා සහතික පත්රයක්ද පිරිණමන ලදි.
වාර්තා කළේ,මාධ්ය ඒකකයකළුතර දිසා බාලදක්ෂ සංගමය