බප/මතු/ මයුර විශේෂ පාසලේ දරුවන් බාලදක්ෂ පදක්කම් ලබයි.

You are currently viewing බප/මතු/ මයුර විශේෂ පාසලේ දරුවන් බාලදක්ෂ පදක්කම් ලබයි.
මයුර විශේෂ පාසලේ දරුවන් බාලදක්ෂ ලෝකයට ඇතුළත් වීමේ සිහිනය 2023.03.24 වන දින උත්සවශ්රීයෙන් සිදුවුණා. මේ මහඟු කර්තව්යය කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මැතිඳුන්ගේ ප්රධානත්වයෙන් සිදු වුණා. විශේෂ අවශ්යතා සහිත දරුවන් 26 දෙනෙකු මෙහිදී නිල ලාංඡන පැළඳවීම සිදු කල අතර මෙහි වූ සුවිශේෂත්වය නම් දරුවන් වර්ගීකරණයට ලක් නොකර සමාජගත කිරීම තුළින් ඔවුන්ගේ හදවත් තුළට සතුටු සොම්නස උදාකර දීම සහ ආත්මාභිමානය ජනිත කරවීමයි. දරුවන්ගේ විවිධ හැකියා හඳුනා ගනිමින් ඔවුන්ගේ හැකියාවන් ඔප මට්ටම් කොට සෑම දරුවකුටම සමාජය කැටයම් කිරීමට බලගැන්වීම මෙම උත්සවය පුරාවටම දකින්නට ලැබුණා. බුලත් හුරුළු දී සියලුම ආරාධිතයන් පිළිගැනීමෙන් අනතුරුව දරුවන් දස දෙනකුගෙන් යුත් තූර්ය වාදක කණ්ඩායමක් විසින් ආරාධිත අමුත්තන් රැගෙන ඒම සිදු වුණා. අනතුරුව නෙත්මි රන්දිනී සිසුවිය විසින් අලංකාර පූජා නර්තනයක් ඉදිරිපත් කළ අතර පොල් තෙල් පහන චාරිත්රානුකූලව දැල්වීම සිදු කළා. පදක්කම් පැළඳවීමේ න් අනතුරුව සියලුම දරුවන් හදවතින්ම සියලුම ආරාධිත අමුත්තන් සඳහා ආචාරකොට අතට අත දී බාලදක්ෂ ලාංඡනය තිළිණයක් ලෙස පිරිනැමීම සිදු කළා. දේශීයත්වයට මුල් තැන දෙමින් ඔසුපැන් හලක් ද සූදානම් කර තිබුණ අතර දේශීය රස කැවිලි පෙවිලිවලින් භෝජන සංග්රහයක්‌ ද සිදුකළා. සියලුම දරුවන් ඉතාමත් සතුටින් සොම්නසින් ආත්මාභිමානයෙන් යුතුව ප්රීති වීම තුළින් පැමිණ සිටි සියලුම ආරාධිතයන් ගේ සිත් තුළ මනුෂ්යත්වයේ උතුම් සංකල්පයක් ගොඩනැගීම මෙහිදී විශේෂයෙන් දක්නට ලැබුණා. සමාජය තුළ සියලුම දරුවන් සම අයිති වාසි කම් සහ වරප්රසාද දිනාගත යුතු බවත් “විශේෂ” කියන රාමුව තුල කොටු නොකළ යුතු බවත් ස්වභාව ධර්මයාට අභියෝග කරන අතිවිශිෂ්ට දරුවන් තම පාසලේ අධ්යාපනය හදාරන බවත් බාලදක්ෂ ආචාර්ය මංජුලා සමන්කුමරි මහත්මියගේ ස්තුති කථාව තුළ අන්තර්ගත වුණා.මයුර විශේෂ පාසලේ විදුහල්පතිනිය චම්පා දමයන්ති සිරිවර්ධන මහත්මිය, නියෝජ්ය විදුහල්පතිනිය දිස්නා පතිරණ මහත්මිය, බාලදක්ෂ ආචාර්ය මංජුලා සමන්කුමරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම උදෙසා මහත් වෙහෙසක් දරා ඇති බව උත්සවය පුරාවටම දකින්නට ලැබුණා. බස්නාහිර පළාත් අධ්යාපන අධ්යක්ෂ දුෂ්මන්ත ශ්රී රාජපක්ෂ මහතා, කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, සහය දිසා කොමසාරිස් දිනූ සාරංග මහතා, ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් කපිල කුමාර මහතා, කළුතර දිස්ත්රික් බාලදක්ෂ නායිකා අසංකා තිලකරත්න මහත්මිය, කලුතර දිස්ත්රික් බාලදක්ෂ නායිකා ජී.ජී.මල්කාන්ති මහත්මිය ගේ උපදෙස් මඟ පෙන්වීම් මැද සීමා සහිත සමාජ සේවා සංගමයේ ගරු සභාපති සුමිත් වඩනම්බි මහතා,ගරු ලේකම් ප්රියන්ත බෙල්ලන මහතා, ගරු භාණ්ඩාගාරික ආනන්ද හල්තොටමහතා පාසල් කළමනාකරු සරත් ජයතිලක මහතා සහ දෙමාපියන් මෙම මහඟු කර්තව්ය උදෙසා මහත් කැපවීම් සිදුකර ඇති අතර මතුගම කලාපයේ විශේෂ අධ්යාපන ගුරු උපදේශිකා දීපිකා කුමාරි මහත්මිය සහ ජේෂ්ඨ සමාජ සේවා නිලධාරී මංගල අශෝක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගි වුණා.
2023.04.09 අරුණ පුවත්පත – සදෙස අතිරේකය
2023.04.03 මිහිර පුවත්පත
මාධ්ය ඒකකය
කළුතර දිසා බාලදක්ෂ සංගමය

Leave a Reply