වර්ෂ දෙදහස් හයේ අප්රේල් මස එකොළස් වන දින එස් .ඒ. විජේසිංහ හා රූපිකා වික්රමාරච්චි යන යුවලට දාව පවුලේ වැඩිමල් පුතු ලෙස ශ්රී ජයවර්ධනපුර රෝහලේදී මෙලොව එලිය දැක තම මූලික අධ්යාපනය C.W.W. කන්නන්ගර මධ්ය විද්යාලයෙන් හැදෑරූ මෙතුප පසන්දුල් විජේසිංහ පුතනුවන් තුන්වන ශ්රේණියේ සිට පෝතක බාලදක්ෂයකු ලෙස බාලදක්ෂ ලෝකයට ඇතුලත් වී එහි ඉහලම ප්රදානය වන රන්තරු ප්රධානය ලබා ගන්නා ලදී.
5 වන ශ්රේණිය ශිෂ්යත්ව කඩයිම ඉහලින්ම සමත්ව තම ද්විතීක අධ්යාපනයද කන්නන්ගර විදුබිමේදීම හදාරමින් 6 වසරේ සිට ඉහල නායකත්ව පෞරුෂයකින් යුක්තව පාසලේ ශිෂ්ය නායක, බාලදක්ෂ යන අංශවල කටයුතු කරමින් තමන්වෙත පැවරෙන්නා වූ වගකීම් මනා ලෙස ඉටුකරමින් අධ්යාපනය හා විෂය බාහිර ක්රියාකාරකම් යන ක්ෂෙත්රයන්හි තම දක්ෂතා ඔපනැංවූ සුවිශේෂී දරුවෙක් ලෙස පාසල තුළ දී කැපී පෙනුණි. ක්රීඩකයකු ලෙස බැට්මින්ටන් ක්රීඩාවේ නියැලෙමින්ද දේශීය නර්තන කලාවට උරුමකම් කියන්නෙකු ලෙස වර්ෂ 2018 දී අභිමානවත් සාම්ප්රදායික උඩරට වෙස් නැට්ටුවෙකු ලෙස අභිෂේක ලබමින් නර්තනයෙන් තම රට නියෝජනය කරමින් ඉන්දීය සංචාරයකට ද භාග්ය ලැබූ මේ පින්වත් දරුවා, නැවතත් තම දක්ෂතා ඔස්සේ පාසලේ ජ්යෙෂ්ඨ ශිෂ්ය නායකයකු ලෙස නිල ලාංචන පළඳින ලදී. වර්ෂ 2023 පෙබරවාරි 22වන දින ශ්රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ප්රථම වරට පිරිනමනු ලැබූ පළමු අග්රාමාත්ය බාලදක්ෂ පදක්කම් ලාබීන් පිරිස අතරට කළුතර බාලදක්ෂ දිසාව නියෝජනය කරමින් තේරීමට වරම් ලැබූ මෙතුප පසන්දුල් විජේසිංහ ජේෂ්ඨ බාලදක්ෂයා කන්නන්ගර විදුමාතාවගේ අභිමානයට විශාල මෙහෙයක් කරමින්ද, තම දෙමාපිය අභිමානය සුරකිමින්ද, සැමට හිතවත්ව කටයුතු කල හිතෛෂී සහෘදයෙක්, දුවෙක් විය.
මෙතුප පසන්දුල් විජේසිංහ පුතනුවනි, මතු කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!
පුතනුවනි, ඔබට අජරාමර නිවන්සුව!
කළුතර දිසා බාලදක්ෂ සංගමය
මාධ්‍ය ඒකකය