දොඩංගොඩ ජනාධිපති විද්‍යාලයීල බාලදක්ෂ සමූහය නව වසරේ වැඩ අරඹති

You are currently viewing දොඩංගොඩ ජනාධිපති විද්‍යාලයීල බාලදක්ෂ සමූහය නව වසරේ වැඩ අරඹති
දොඩන්ගොඩ ජනාධිපති විද්යාලයීය බාලදක්ෂ සමූහය මගින්, නව වසරේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 2023.01.03 වන දින සිදු කරන ලදි.
විදුහල් බුදු මැදුර අභියස කළුතර දිසාවේ ප්රධාන සංඝ නායක , විජයමාන්න බෞද්ධ මධ්යස්ථානයේ හා ශ්රී සංදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති ශ්රී සුමංගල දහම් පාසලේ හා ශ්රී සුචරිතෝදය දහම් පාසලේ ප්රධානාචාර්ය දම්බුළුවන සුමංගල නායක ස්වාමීන් වහන්සේ වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා,
විදුහල්පති තුමා ප්රමුඛ විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ අනධ්යයන කාර්ය මණ්ඩලටත්, දූ දරුවන්ටත්, දෙමාපියන්ට හා පාසල වෙනුවෙන් මෙතෙක් කටයුතු කළ සැමටත්, බාලදක්ෂ සංගමයටත්, අප රටට හා රට වෙනුවෙන් තම වෙහෙස මහන්සිය කැප කරන කැප කළ රණවිරුවන්ටත්, පාසල වෙනුවෙන් හා රට වෙනුවෙන් තම වෙහෙස යොමු කර මිය ගිය, බාලදක්ෂ සංගමය වෙනුවෙන් කැපවීම් කර මිය ගිය සැමටත්, මේසදහා සහභාගී වූ, දායකවූ සැමගේ පවුල් වල මිය ගිය සැමට පින් පැමිණවීමත්, නව වසරේ වැඩ ආරම්භයට තෙරුවණේ ආශිර්වාද ප්රාර්ථනා කිරීමත්, මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන්ට ආශිර්වාද ප්රාර්ථනා කිරීමත් මෙහිදී සිදු කෙරිණි.
මීට අමතරව නව වසරට සෞභාග්ය පතා කිරි ඉතිරවීමත් සිදුකරන ලදි.
මේ සදහා ප්රධාන ආරාධිත අමුත්තන් ලෙස කළුතර දිසා බාලදක්ෂ කොමසාරිස් නාමල් ගුරුසිංහ මහතා, විදුහල්පති තුමා, විද්යා විෂය භාර උපාලි ගුරු මහතා යන මහත්වරුන් සහභාගී වූහ.
මෙම පින්කම ජනාධිපති විද්යාලයේ බාලදක්ෂ ආචාරිණී පී. ගයානි නදීෂා පතිරණ මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

 

මාධ්ය ඒකකය,
ශ්රී ලංකා බාලදක්ෂ සංගමය
කළුතර දිසා ශාඛාව

Leave a Reply