මෙම ලිපිය බාලදක්ෂ ආචාර්ය වරයාගේ ප්‍රදානය ලිපි මාලාවේ 05 වන ලිපියයි. පෙර ලිපි මෙම ලිපිය අවසානයේ ඇති සබැඳි මඟින් ඔබට කියවීමට හැකියි.
ක්‍රියාකාරී කාණ්ඩ සාමාජිකත්වය #
කාණ්ඩ වගකිම් #
- කාණ්ඩ නායක –
- කාණ්ඩ සභාවේ සභාපති.
- කාණ්ඩ සභාව මෙහෙයවීම.
- කාණ්ඩය මෙහෙයවිම.
- උප කාණ්ඩ නායක –
- කාණ්ඩය මෙහෙයවිමේදි නායකයාට සහය විම.
- ඔහු නොමැති අවස්ථා වලදි ඔහුගේ දැනුවත් භාවය මත කාණ්ඩය මෙහෙය විම.
- කාණ්ඩ ලේකම් –
- කාණ්ඩ සභාවේ හා කාණ්ඩ රැස්විමේ කටයුතු මනා ලෙස ලේඛන ගත කිරිම.
- කාණ්ඩ නායකගේ දැනුවත් කිරීම පිරිදි ලිපි නිකුත් කිරීම.
- කාණ්ඩ කඳවුරු සදහා අවසර ගැනිම.
කාණ්ඩ මුළුව #
සෑම ක්‍රියාකාරී කාණ්ඩයක් සතුවම කාණ්ඩ මුල්ලක් පවත්වාගෙන යා යුතුය. මෙය දෙයාකාරව පිලියෙල කල හැක.
- බාලදක‍්ෂ කාමරයේ බිත්තයක හෝ කොනක.
- රැළි භූමිය පවත්වන ස්ථානයට ආසන්නව.
1. බාලදකෂ කාමරයේ බිත්තයක හෝ කොනක.
මෙහිදි ඔබට ලැබෙනුයේ ඉතා කුඩා ඉඩක් වන බැවින් මෙහි ප්‍රදර්ශනය කිරිමට සුදුසු වන්නේ කාණ්ඩ සාමාජිකයන්ගේ නාම ලේඛන, පදක්කම් ලබා ගැනිමේ ප්‍රගති සටහන්, කාණ්ඩ සත්ව රූපය, සාමාජිකයන් ගේ දැනුවත් කිරිම සඳහා කුඩා දැන්වීම පුවරුවක්, කාණ්ඩ නළාව, කොම්පාසුව, ලිපි රඳවන, ආදිය වේ.
2. රැළි භුමිය පවත්වන ස්ථානයට ආසන්නව.
මෙම ස්ථානය ඉතා හොදින් ඉඩ කඩ පවතින ස්ථානයක සුදානම් කර ගැනීමට ඔබට අවස්ථාව ඇත. නමුත් සෑම විටම මෙම ස්ථානය රැළිය පවත්වන භූමියට ආසන්නව පවත්වා ගත යුතුය. මෙම ස්ථානය හැකි අයුරින් ස්වභාවික දෑ භාවිතයෙන් අලංකාර කිරිම හා (ගල්, කොටන්, වැල්) සාමාජිකයන්ට අසුන් ගැනිම සඳහා ආසන සාදාගත යුතුය. රැස්විම පවත්වන අවස්ථාවේ කාණ්ඩ කොඩිය මෙම ස්ථානයේ ප්‍රදර්ශනය කල යුතු වේ.
කාණ්ඩ කොඩිය #
කාණ්ඩ කොඩිය විවිධ ආකාරයෙන් සාදා ගැනීම කල හැක. එහි වර්ණය අනිවාර්යෙන් කාණ්ඩයේ වර්ණය විය යුතුය. කාණ්ඩ සත්වයාගේ රූපයක් එය මධ්‍යයේ තිබිය යුතුය.
කාණ්ඩ නාම #
බාලදකෂ කාණ්ඩ සඳහා බොහෝවිට භාවිතා කරනු ලබන්නේ සත්ව නාමයන්ය. මෙය බාලදක‍්ෂයා සොබාදහම හා බැඳුනු බව හැඟවිමට ගත් උත්සාහයක් ද වේ. සත්ව නාම ලෙස ගතහොත් විශේෂයෙන්ම කුරුලු නාමයන්ට මුල් තැන හිමි වේ. එයට අමතරව සුදුසු පරිදි සිව්පා සතුන් ගේ නාමද භාවිතා කල හැක. සිව්පා සත්ව නාම භාවිතා කිරිමෙදී බොහෝ විට බිළාල කුලයේ හා ගව කුලයට අයත් සත්ව නාම භාවිතා වේ.
කාණ්ඩ සඳහා නාම භාවිතයේ දී කණිෂ්ඨ බාලදක‍්ෂ කාණ්ඩ සඳහා කුරුලු හා සිව්පා සත්ව නාමත්, ජ්‍යේෂ්ඨ බාලදක‍්ෂ කාණ්ඩ සඳහා ජාතික වීරවරයන්ගේ නාමත් භාවිතය උචිතය.
කාණ්ඩ ලොග් පොත #
කාණ්ඩ ලොග් පොත යනු කාණ්ඩයේ ජිවයයි. ඒ තුලින් බොහෝ දෑ දැන උගෙන ගත හැකිය. මෙවැනි ඉතා වටිනා කාණ්ඩ ලොග් පොතකට ඔබ කාණ්ඩයද උරුමකම් කිමට කැමතිනම් කල යුත්තේ නිසි අයුරින් එය පවත්වාගෙන යෑමයිි. කාණ්ඩ ලොග් පොත පවත්වාගෙන යෑම කාණ්ඩයේ ලේකම් සතු වගකිමක් වේ. දැනට ඔබ කාණ්ඩය සතුව කාණ්ඩ ලොග් පොතක් නොමැත්නම් එය පිටු 80 ව හෝ ඊට මදක් වැඩි පොතකින් ආරමිභ කළ හැක. මෙයද ඔබගේ බාලදකෂ ලොග් පොත මෙන් මුලික ආරමිභයකින් පසුව වාර්ථා කිරිමේ කටයුතු අරඹනවානම් වඩාත් සුදුසු වේ.
මෙහි දි පලමුව පොතට වටිනා පිටකවරයක් දැමිය යුතුය. එයින් පොතේ වටිනා කම ඉහල යනු ඇත. ඉන් පසුව කාණ්ඩයේ සත්ව රූපය, වර්ණය, ශබ්දය, බාලදකෂ ලාංඡන, කාණ්ඩ ආදර්ශ පාඨය ආදිය එකතු කොට ආරම්භයක් ලබා දිය යුතුය. ඉන් පසුව කාණ්ඩයේ සාමාජික විස්තරය (නම, පදක්කම, වර්ෂය) ආදිය දැක්විය හැක. සමහර කාණ්ඩ තම ලොග් පොතේ ආරකෂාව සඳහා වෙනම ආවරණයක්ද සාදා පරිහරණය කරති. (කවරයක්)
මෙලෙස සාදාගත් කාණ්ඩ ලොග් පොතේ කාණ්ඩය විසින් ඉටුකරනු ලබන සියළු කාර්යයන් හී වාර්තාවක් එක් කිරීම කල යුතුය. මෙහිදි වාර්තාවට අමතරව, ඡායාරූප, ලිපි, පත්‍රිකා, සමරු සටහන් ආදිය එකතු කොට වාර්තා කිරීම මගින් එය කියවන අයට රසවත් වනු ඇත. එමෙන්ම ඔබගේ ලිවීමේ හා සංස්කරණ කෞෂල්‍යය ද වැඩිදියුණු වනු ඇත.
කාණ්ඩ ලොග් පොතේ ඇතුලත් කිරිම් #
- කාණ්ඩ රැස්වීම වාර්තා
- කාණ්ඩ සභා තීරණ වාර්තා
- කාණ්ඩ කඳවුරු, ක්ෂේත්‍ර දින
- අමුත්තන්ගේ සමරු සටහන්
- කාණ්ඩයේ සාමාජිකයන් විසින් ලබාගනු ලබන ජයග්‍රහණ.
ආදිය වේ.
සෑම වාර්තාවක්ම කාණ්ඩ නායක විසින් කියවා බලා අනුමත කිරිම ද ඉතා වැදගත් වේ.
කාණ්ඩ සභාව – Petrol in Council (PIC) #
කාණ්ඩයක් බාලදකෂයන් 6 ත් 8 ත් අතර සංඛ්‍යාවකින් සැදි ඇත. එහි සාමාජිකයින් නිරන්තරව රැස්විය යුතුය. මෙම රැස්විම කාණ්ඩ සභාව ලෙස හැදින්වේ. කාණ්ඩ සභාව සඳහා කාණ්ඩයේ සිටින සියලුම සාමාජිකයන් ඇතුලත් වේ. කාණ්ඩ නායකයා මෙහි සභාපති වන අතර වාර්තා කටයුතු කිරිම සඳහා ලේකම් වරයෙකු පත් කර ගත යුතුය. කාණ්ඩය පත් වී පවත්වන පළමු කාණ්ඩ සභාවේ දී මෙම සියලු පත්විම් සඳහා සාමාජිකයන්ගෙන් පිරිස තෝරාගත යුතුය.
කාණ්ඩ සභාව වනාහී කාණ්ඩයේ සියලුම තීන්දු තීරණ ගනුලබන ස්ථානය වේ. මෙහිදී ඉදිරියේ දී පවත්වනු ලබන කාණ්ඩ ක්‍රියාකාරකම් සැලසුම් කිරිම, වැඩ පැවරිම, කාණ්ඩ සාමාජිකයන්ගේ ප්‍රගතිය පරිකෂාකිරීම (අවශ්‍යතා සමත් කිරීම නොව), කාණ්ඩ නායක සභාව සඳහා ඉදිරිපත් කල යුතු වාර්තා යෝජනා අදිය සාකච්ඡාව, සාමාජික ගැටලු විමසිම/විසඳීම, කාණ්ඩයේ විනය පිලිබදව තිරණ ගැනිම, අදිය ප්‍රධාන කාර්ය වේ.
කාණ්ඩ සභාව සති 2 කට හෝ මසකට වරක් රැස්විය යුතුය. සාමාන්‍යයෙන් විනාඩි 15 ත් – පැයත් අතර කාලයක් මෙය පැවැත්විය හැකිය. මේ සදහා සුදුසු දිනයක් තොරා ගැනිම කාණ්ඩ නායක හා සාමාජිකයන් සතු වගකිමකි. මෙය කණ්ඩායම් රැස්වීම් පැවැත්විමට පෙර හෝ කණ්ඩායම් රැස්විම පැවැත්විමෙන් පසුව වූවද පැවැත්විය හැක. එයට අමතරව බාලදකෂ ආචාර්යවරයාගේ පූර්ණ අනුමැතිය හා අධීක‍්ෂණය මත සමුහයේ හෝ සමාජිකයකුගේ නිවසේ හෝ වෙනත් තෝරාගත් ස්ථානයක වූවද පැවැත්විය හැක. එම ස්ථානය සැමට පහසු තැනක් විමද ඉතා වැදගත්ය.
කාණ්ඩ සභාව් දී ගනු ලබන තීරණ කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත හෝ කෙනෙකු අධෛර්යයට පත්වන අයුරින් ගැනීම නොකල යුතුය. සෑම තීරණයක්ම කාණ්ඩයේ හා සාමාජිකයන්ගේ සුබ සිද්ධිය, දියුණුව පතා ගත යුතුය. සෑම කාණ්ඩ සභා වාරයක්ම කණ්ඩ නායක සභාව (PIC) පැවැත්විමට පෙර පවත්වා, කාණ්ඩයේ එක් එක් සාමාජිකයාගේ ප්‍රගතිය, යොජනා, වැඩ සටහන් අදිය ඇතුලත් වාර්තාවක් කාණ්ඩ නායක සභාවට ඉදිරිපත් කල යුතුය. එලෙස කිරීමෙන් කාණ්ඩ නායක සභාවේ ගත් තිරණ ඊලග කාණ්ඩ සභාවේදී දැනුම් දීමට ද පුලුවන.
කාණ්ඩයක් ගොඩනගන්න……
ආරම්භයයි.
කාණ්ඩය පවත්වාගෙන යන්න…..
ප්‍රගතියයි.
කාණ්ඩයක් ලෙස වැඩ කරන්න….
සාර්ථකත්වයයි.
කාණ්ඩ ඝෝෂාව #
සැම කාණ්ඩයකටම කාණ්ඩ ඝෝෂාවක් ඇත. මෙය ඔබට බාලදක‍්ෂ විද්‍යාව පොත කියවීම තුලින් සොයාගත හැක.
උදා:- උකුස්සා කාණ්ඩය “කීර්” – “කීර්”
කාණ්ඩ ඝෝෂාව කිරීම තුලින් බලාපොරොත්තු වනුයේ කාණ්ඩයේ සාමාජිකයන් තුළ උද්යෝගයක්, අභිමානයක් ඇති කිරිමයි. කාණ්ඩයේ සැම සාමාජිකයෙකුම තම කාණ්ඩයේ ඝෝෂාව මැනවින් ශබ්ද කිරීමට හැකියාව තිබිය යුතුය. කාණ්ඩ සාමාජිකයයකුගේ ජයග්‍රහණයක් සැමරිම, කාණ්ඩ ජයග්‍රහණයක් සැමරිම අදි අවස්ථා වල දී ද කාණ්ඩ ඝෝෂාව භාවිතා කල හැක.
කණ්ඩායම් රැස්විම ආරම්භයේදි කාණ්ඩ මුල්ලේ සිට රැලි භූමියට පැමිණෙන විට සාමාජිකයන්ට තම කාණ්ඩ ඝෝෂාව කරමින් පැමිණිය හැක. මින් හුරුබුහුටිකමක් රැලියට ලැබෙන අතර, අනවශ්‍ය ඝෝෂා ඇතිවන එකද වලකී. එලෙස ශබ්දය නගමින් පැමිණ කාණ්ඩයේ සියලු දෙනාම නියමිත අයුරින් රැලියේ ස්ථානගත වූ පසු, කාණ්ඩයේ සාමාජිකයන් සියලු දෙනාම එකවරම ඝෝෂාව නතර කිරීම තුලින් කාණ්ඩායම් රැලියට ද එය අලංකාරයක් එක් කරයි.
කාණ්ඩ කඳවුරු ලේඛනය #
කාණ්ඩයක් සතුව කඳවුරු කිරීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා උපකරණ තිබීම මඟින් ඉතා පහසුවෙන් කඳවුරු කිරීමට හැකියාව ලැබේ. මෙම උපකරණ හා භාණ්ඩ නිසි අයුරින් ලේඛන ගතකොට නඩත්තු කිරීම වැදගත් කරුණකි.
ලේඛනගත කිරීමකදි භාණ්ඩයේ නාමය, භාණ්ඩය ලැබුනු අයුරු (මිලදී ගැනීමක්ද/පරිත්‍යාගද යන බව), වටිනාකම, ප්‍රමාණය, වර්ණය, සැදි ඇති ද්‍රව්‍ය (ඇලුමිනියම්, යකඩ, ලී, රෙදි), ලබාගත් වර්ෂය, ඉවත්කල වර්ෂය, අලුත්වැඩියා කළේනම් ඒ පිලිබඳ විස්තරය, ආදි අයුරින් විස්තරාත්මකව පැවතිය යුතුය.
භාණ්ඩ හා උපකරණ ගබඩාවෙන් පිටතට ගෙන යන සෑම අවස්ථාවකදීම ඒ පිලිබඳව වාර්ථාවක් තබා ගැනිම කල යුතුය. එය ද පෙර පරිදිම භාණ්ඩයේ නම, ප්‍රමාණය, වර්ණය, ගෙනයන දිනය, වේලාව, රැගෙන යන්නාගේ නම/නිලය, නැවත භාර දුන් දිනය, භාරදීමෙදි/භාර ගැනිමෙදී තත්වය ආදි වේ.
කාණ්ඩයක් සතුවිය හැකි උපකරණ කිපයක් #
- කාණ්ඩ කූඩාරම
- ආහාර පිසින උපකරණ
- ලන්තෑරුම්
- ක්‍රීඩා භාණ්ඩ අඩංගු පෙට්ටිය
- කාණ්ඩ කොඩිය
- ලිප්
මෙම ලිපිය සඳහා තොරතුරු සැපයීම වෙනුවෙන් කළුතර දිසාවේ හිටපු සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) සහය පුහුණු කිරීමේ නායන අරවින්ද හිරාන් පතිරගේ මහතාට (වර්තමාන ධම්මසරණ ස්වාමීන් වහන්සේ) අපගේ විශේෂ ස්තූතිය.
මෙම ලිපිය පිලිබඳ ඔබේ අදහස් පහතින් Comment කරන්න.