බාලදක්ෂ ව්‍යාපාරය

බාලදක්ෂ ව්‍යාපාරය යනු #

බාලදක්ෂ ව්‍යාපාරය යනු එහි නිර්මාතෘ වරයා විසින් හඳුනාගත් අරමුණු, සිද්ධාන්තයන් සහ ක්‍රමවේදයන්ගෙන් සමන්විත කිසිඳු භේදයකින් තොරව ළමා හා තරුණයන්ගේ අධ්‍යපනය සඳහා සැකසුනු, සැමට විවෘත්ත වූ හා දේශපාලනයකින් තොර වූ ස්වෙච්ඡා සංවිධානයකි.

බාලදක්ෂ මෙහෙවර ප්‍රකාශය #

ස්වයං පරිසමාප්ත පුද්ගලයින් වශයෙන් සමාජයට ඵලදායී කාර්යභාරයක් ඉටුකරමින් වඩාත් යහපත් ලොවක් ගොඩනැඟීම සඳහා සහය වීමට, බාලදක්ෂ නීතිය හා පොරොන්දුව මත පදනම් වූ පිළිගත් අගයන් මඟින් ළමා හා යොවුන් අධ්‍යාපනයට දායක වීම බාලදක්ෂ ව්‍යාපාරයේ මෙහෙවරයි.

බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු #

බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අරමුණු වන්නේ ළමා සහ තරුණ පරපුර ශාරීරික, බුද්ධිමය, සංවේදී, සමාජයීය, ැධ්‍යාත්මික හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කිරීම තුලින් ප්‍රාදේශීය, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවට වැඩදායී වූ වගකිය හැකි යහපත් පුරවැසියෙකු බිහි කිරීමයි.

බාලදක්ෂ ක්‍රමය #

බාලදක්ෂ ක්‍රමය යනු ස්වයං අධ්‍යාපනයේ ප්‍රගතිශීලී ක්‍රියා පිළිවෙලයි.

  1. නීතිය හා පොරොන්දුව
  2. ක්‍රියාවෙන් අවබෝධය
  3. කාණ්ඩ ක්‍රමය
  4. සංකේතාත්මක රාමුව
  5. එළිමහන් ජීවිතය
  6. වැඩැහිටි නායකත්වය
  7. පෞද්ගලික ප්‍රගතිය

බාලදක්ෂ ව්‍යාපාරයේ මූලධර්ම #

පහත සඳහන් මූලධර්ම මත පදනම්ව බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනැඟී ඇත.

  1. ආගම පිළිබඳ යුතුකම – තම ආගමෙහි ඇති ආධ්‍යාත්මික ධර්මතාවයන්ට අනුකූලව හා එයට පක්ෂපාතීව දිවිපෙවෙත සාදා ගැනීම.
  2. අන් අය කෙරෙහි යුතුකම – ප්‍රාදේශීය, දේශිය සහ ජාත්‍යන්තර සංහිඳියාව හරහා තම රටට පක්ෂපාතී වීම හා ජගත් සහයෝගීතාවය සහ මනුෂ්‍යත්වය මුලකොටගෙන සමාජ අභිමනය හා ගරුත්වය පදනම් කර ගත් සමාජ සංවර්ධන වැඩ සඳහා සහභාගී වීම.
  3. තමා පිළිබඳ යුතුකම – තමාගේ අභිවෘද්ධිය සඳහා ඇති යුතුකම.

බාලදක්ෂ ප්‍රගති පදක්කම් මාර්ගය #

  1. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම
  2. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  3. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය
  4. දිසා කොමසාරිස් ප්‍රදානය
  5. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය නොවේ)
  6. වනවාසිකයාගේ ප්‍රදානය
  7. ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය

මෙම ලිපිය පිලිබඳ ඔබේ අදහස් පහතින් Comment කරන්න.

Powered by BetterDocs

Leave a Reply